gossiplanka alexa කොරොනා වෛරසය ආසාදනය වීමෙන් වෛද්‍යවරයෙක් මියයයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොරොනා වෛරසය ආසාදනය වීමෙන් වෛද්‍යවරයෙක් මියයයි

රාගම ශික්ෂණ රෝහලේ සේවයේ නිරතවෙමින් සිටිය දී කොරෝනා ආසාදිත වූ වෛද්‍ය ගයාන් දන්තනාරායන මහතා මියගිය බව කරාපිටිය ‍රෝහල් ආරංචි මාර්ග පවසනවා.

එම වෛද්‍යවරයාට කොරෝනා ආසාදනය වීමෙන් පසු පෙනහළු ක්‍රියාකාරීත්වය අඩපණ වීම නිසා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ එක්මෝ යන්ත්‍රයට සවිකර විශේෂ ප්‍රතිකාර ලබමින් සිටි යා.

පළමුව රාගම රෝහලට ඇතුළත් කල ඔහු පසුව කොළඹ අයිඩීඑච් රෝහලට මාරුකර යවනු ලැබුවා. දියවැඩියා රෝගයෙන් පීඩාවිඳිමින් සිටි ඔහුට කොරෝනා නිව්මෝනියා තත්ත්වය හේතුවෙන් පෙනහළු මගින් සිදුකරන වායු හුවමාරුවේ ගැටලුවක් ඇති වී තිබුණා.

එවැනි රෝගියකුට ප්‍රතිකාර කිරීම සඳහා අත්‍යාවශ්‍ය වන එක්මෝ යන්ත්‍රයක් ඇති එකම රෝහල කරාපිටිය ශික්ෂණ රෝහල බැවින් ඔහු පසුව කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයට යොමුකරනු ලැබුවා. 

ගයාන් දන්තනාරායන මහතා නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසලේ අධ්‍යාපනය ලබා චීනයේ ටියැන්ජින් වෛද්‍ය විද්‍යාලයෙන් වෛද්‍ය උපාධිය ලබා ගත් අයෙක්. ඔහු ගම්පහ ප්‍රදේශයේ පදිංචිව සිටි අතර ඔහුගේ පවුලේ සාමාජිකයින් කිහිප දෙනෙකුට  ද මේ වන විට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බැවින් ඔවුන්ද ප්‍රතිකාර ලබමින් සිටිනවා. ගයාන් දන්තනාරායන මහතාගේ පියා ද වෛද්‍යවරයෙක්.

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ශ්‍රී ලංකාවේ දී වෛද්‍යවරයෙක් මියගිය ප්‍රථම අවස්ථාව මෙය වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu