gossiplanka alexa ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ට ගෙවීම් සිදු කරන ආකාරය ගැන තීරණයක් ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ට ගෙවීම් සිදු කරන ආකාරය ගැන තීරණයක් ?

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින්ට ක්‍රිකට් ආයතනය මඟින් සිදු කරනු ලබන ගෙවීම් සම්බන්ධයෙන් පසුගියදා බොහෝ කතා බහට ලක් වුණා. ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ඇති පසු බෑමත් සමඟම ඔවුන්ට සිදුකරන ගෙවීම්වල සංශෝධනයන් සිදු විය යුතු බව බොහෝ දෙනෙකුගේ අදහස වුණා. 
 
මෙවැනි පසුබිමක අදාළ ක්‍රීඩකයින්ට සිදු කරන ගෙවීම් යම් තරමකින් කප්පාදුවකට ලක් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙන බව වාර්තා වනවා. ඒ අනුව ජාතික ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ වැ‍ටුප 40%ක සීමාවකින් කපාදුවට ලක් කිරීමටයි තීරණය වී ඇත්තේ.

එංගලන්ත - ශ්‍රී ලංකා ටෙස්ට් තරඟාවලියේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දැක්වූ දුර්වල ක්‍රීඩා විලාශය මෙම ගෙවීම් කප්පාදුවට ආසන්නම හේතුව වී තිබෙනවා.

එසේම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ ක්‍රීඩකයින්ගේ වාර්ෂික කොන්ත්‍රාත් ගාස්තුද හරි අඩකින් අඩු කිරීමට ක්‍රිකට් ආයතනය අපේක්ෂා කරන බවයි. ප්‍රධාන තලයේ ක්‍රීඩකයෙකිට මේ වනවිට හිමිවන ඇමරිකානු ඩොලර් 120,000ක කොන්ත්‍රාත් මුදල ඇමරිකානු ඩොලර් 70,000 සීමාවට ළඟාවනු ඇති බවයි පැවසෙන්නේ.

ඊට අමතරව ටෙස්ට් තරඟයක් සඳහා ඇ.ඩො 7500, එක්දින තරඟයක් සඳහා ඇ.ඩො 4000, විස්සයි 20 ජාත්‍යන්තර තරඟයක් සඳහා ඇ.ඩො 2000 වශයෙන් දැනට ගෙවීම් සිදු කරන ප්‍රමාණයන් ද අඩු කිරීමට සලකා බැලීම් සිදු කරනු ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

එසේ වුවත් තරඟ ජයග්‍රහණ වෙනුවෙන් අදාළ තරඟ ගාස්තු දෙගුණයකින් වැඩි හෝ තුන් ගුණයකින් වැඩි කිරීමට ද කටයුතු සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.







ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu