gossiplanka alexa නැගෙනහිර පර්යන්තය වරාය අධිකාරිය යටතට, ජනාධිපතිවරයා අදහස් දක්වයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

නැගෙනහිර පර්යන්තය වරාය අධිකාරිය යටතට, ජනාධිපතිවරයා අදහස් දක්වයි

කොළඹ වරාය නැගෙනහිර බහලු පර්යන්තය සංවර්ධනය කිරීම සහ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සම්පූර්ණ හිමිකාරිත්වය සහිත බහලුම් පර්යන්තයක් ලෙස මෙහෙයුම් කිරීමට  කැබිනට් මණ්ඩය ඊයේ (01) තීරණය කලා.

එම යෝජනාවට අනුව නැගෙනහිර පර්යන්තයේ සාදා නිම කිරිමට ඇති ඉතිරි සිවිල් වැඩ කොටස් ප්‍රසම්පාදන මාර්ගෝපදේශයන්ට අනුව ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් වසර 03ක් ඇතුළත නිම කෙරෙනු ඇති.

මෙය වත්මන් ආණ්ඩුව විසින් සිදුකල දෙයක් නොවන බවත් එය 2017 දී යහපාලන රජයේ මලික් සමරවික්‍රම ඇමතිවරයාත් ඉන්දියාවේ සුෂ්මා ස්වරාජ් ඇමතිවරියත් අතර ඇති කර ගත් ගිවිසුමකට අනුව ව්‍යාපෘති 17ක් ඉන්දියාව සමඟ හවුලේ සිදු කිරීමට ඇති කරගත් එකඟතාවක් මත උද්ගත වූවක් බවත් ජනාධිපතිවරයා පවසනවා. 

එම ව්‍යාප්ර්ති 17න් වත්මන් රජය මත්තල ගුවන්තො‍ටුපලට, සාම්පූර් ගල් අඟුරු බලාගාරයට අදාළ ගිවිසුම් ක්‍රියාත්මක නොකිරීමට තීරණය කල බවත් ගෑස් ව්‍යාපෘතිය විවෘත ටෙන්ඩර් පටිපාටියක් යටතේ ක්‍රියාත්මක කිරීමට තීරණය කල බවත් ජනාධිපතිවරයා සඳහන් කරනවා.

එසේම ඉහත ආකාරයෙන් ඉන්දියාවට දුන් පොරොන්ද් ගණනාවක්ම කඩ වී තිබූ නිසා ඉන්දියාව නැගෙනහිර ජැටියට අදාළ පොරොන්දුව ඉ‍ටු කන ලෙස බලපෑම් කලත් වර්තමාන තත්ත්වය යටතේ එය වරාය අධිකාරියේ පූර්ණ අයිතිය යටතේ සිදු කිරීමට කටයුතු කරන බවයි ජනාධිපතිවරයා වැඩි දුරටත් පෙන්වා දෙන්නේ.

එජාපය කුමන ආකාරයෙන් වෙනත් රටක් සමඟ එකඟ වුවත් ඔවුන් එම එකඟතාන්ට පැමිණ ඇත්තේ ශ්‍රී ලංකා රජය ලෙසින් වන නිසා වත්මන් ආණ්ඩුවට රාජ්‍යතාන්ත්‍රික අර්බුදයකට මුණපෑමට සිදුව ඇතැයි ජනාධිපතිවරයා පවසනවා. 

නැගෙනහිර පර්යන්තය වසර 3ක් ඇතුළත වරාය අධිකාරිය යටතේ සංවර්ධනය කිරීමය පියවර ගන්නා අතර තුර දී බටහිර ජැටිය ඉදිකිරීම් පර්යන්තය චීනයට ලබා දුන් කොන්දේසිවලට සමාන වූ කොන්දේසි යටතේ ඉන්දියාවත් සමඟ හවුලේ සංවර්ධනය කරන බවද ජනාධිපතිවරයා පවසනවා.

ජනාධිපතිවරයා මෙම කරුණු පෙන්වා දී ඇත්තේ ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ සිදු කල කැබිනට් ‍රැස්වීමේ දීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu