gossiplanka alexa බස්නාහිර පළාතේ පාසැල් ආරම්භ කිරීම පිළිබඳව තීරණයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

බස්නාහිර පළාතේ පාසැල් ආරම්භ කිරීම පිළිබඳව තීරණයක්

ව පාසල් වාරය වෙනුවෙන් ජනවාරි මස එකොළොස් වන දා සිට බස්නාහිර සහ හුදකලා කළ ප්‍රදේශ හැර අනෙකුත් සියලූ පාසල් මේ වනවිට ආරම්භ කර තිබෙනවා. දැනට පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ බස්නාහිර පළාතේ පාසල් ද ආරම්භ කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේ විශේෂ හමුවක් ඊයේ(20) පැවැත්වුණා.

රුවන් සඳහා පාසල් විවෘත කිරීම සම්බන්ධව දෙමව්පියන් ඇතුළු විවිධ සමාජ පාර්ශව විසින් බොහෝ ඉල්ලීම් ලැබුණු අතර, පවතින සෞඛ්‍ය අවදානම හේතුවෙන් සියලුපාසල් සම්බන්ධව පොදු තීරණයක් ලබා දීම කළ නොහැකි බව මෙහිදී සාකච්ඡා වුණා. ඒ අනුව එක් එක් කලාප සහ  කොට්ඨාශ නියෝජනය කරන පාසල්වල පවතින  සෞඛ්‍යය තත්ත්වය සහ පාසල් ආරම්භ කිරීමට  ඇති හැකියාව වෙන් වෙන්ව සොයා බලමින් එම තීරණය ගතයුතු බව යි මෙහි දී තීරණය වුණේ.

 බස්නාහිර පළාතේ අධ්‍යාපන කලාප 11ක් තුළ පාසල් 1576 ක් පවතිනවා. මෙයින් සිසුන් 79,000 කට ආසන්න පිරිසක් එළඹෙන මාර්තු මාසයේ පැවැත්වෙන අපොස සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීමට නියමිතයි. ඒ අනුව මෙවර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන සිසුන් වෙනුවෙන් ජනවාරි 25 වනදා සිට බස්නාහිර පළාතේ පාසල් 907 ක්ආරම්භ කිරීමට සෞඛ්‍ය බලධාරීන්ගේ එකඟතාව  මතකටයුතු කිරීමට මෙම සාකච්ඡාවේ දී තීරණය වුණා.

බස්නාහිර පළාතේ අනෙකුත් ශ්‍රේණි සඳහා පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් තීරණය කිරීම එක් එක් දිස්ත්‍රික්කවල  දිසාපතිවරුන් , ප්‍රාදේශීය ලේකම්වරුන් ප්‍රාදේශීය සංවර්ධන ආයතනසභාපතිවරුන් ඇතුළු සියලු පාර්ශවවල අදහස් විමසා බැලීමෙන් අනතුරුව සිදුකිරීමට නියමිත වනවා. මේ සඳහා දිස්ත්‍රික් සංවර්ධන කමිටු විසින් ප්‍රාදේශීය සෞඛ්‍යනිලධාරීන් ද සහභාගී කරවා ගනිමින් පාසල් ආරම්භ කිරීම පිළිබඳ සුදුසු තීරණ ලබා දීම වෙනුවෙන්  ජනවාරි 28, 29,පෙබරවාරි 1 යන දිනයන් ගෙන් එක් දිනෙක රැස් වීම සිදු කළ යුතු වනවා.  තම ප්‍රදේශයට අයත් පාසල් අතරින්  සෞඛ්‍ය අවදානමක් නොමැති පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් එකඟතාවකට එළඹී  එම නිර්දේශ අධ්‍යාපන අමාත්‍යාංශය වෙත පෙබරවාරි මස 10 වන දිනට පෙර යොමු කළ යුතුයි.

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ඒ සඳහා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේනිර්දේශ ලබා ගැනීමෙන් අනතුරුව,  සෞඛ්‍ය නිර්දේශ ලැබෙන  බස්නාහිර පළාතේ  පාසල් පෙබරවාරි මස  15 වනදා වන විට ආරම්භ කිරීමට හැකියාව ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව  අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා මෙහිදී පැහැදිලි කළා.

මෙම සාකච්ඡාවට සෞඛ්‍ය හා පෝෂණ ඇමතිනී  පවිත්‍රා දේවී  වන්නිආරච්චිමහත්මිය, අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්  වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා, බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ශ්‍රී ලාල්නෝනිස් මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රදීප් උඳුගොඩ, මහතා  ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වී තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu