gossiplanka alexa ලංකාවට පැමිණෙන ගුවන් මගීන් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ලංකාවට පැමිණෙන ගුවන් මගීන් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග

යේ මධ්‍යම රාත්‍රියේ සිට ක‍ටුනායක ගුවන් තො‍ටුපොළ සංචාරකයින් සඳහා නැවත විවෘත කෙරුණා.  ඒ සෞඛ්‍ය ආමාත්‍යාංශය විසින් ලබා දුන් සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුවයි. 
 
නේවාසික පුරවැසියන්, ද්විත්ව පුරවැසිභාවය හිමි පුද්ගලයින් සහ විදේශීය සංචාරකයින්ට මේ අනුව බාධාවකින් තොරව දිවයිනට පැමිණීමට හැකියාව ලැබෙනවා.

මෙසේ දිවයිනට පැමිණෙන පුද්ගලයින් අනුගමනය කළ යුතු ක්‍රමවේද ඇතුළත් මාර්ගෝපදේශ මාලාවක් ද සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග.

01. සංචාරක ගුවන් මගීන් ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ www.srilanka.travel යන වෙබ් අඩවියට පිවිස, ශ්‍රි ලංකා සංචාරක මණ්ඩලයේ අනුමත සහ එහි ලියාපදිංචි වී ඇති හෝටල් 53න් එකක් ‍තෝරා ගත යුතුයි.

02. දිවයිනට පැමිණෙන සංචාරකයින් ඇ.ඩො 40ක මුදලක් තැන්පත් කර මෙරට දී පී.සී.ආර් පරීක්ෂණයක් සිදු කිරීම සඳහා රිසිට් පතක් ලබාගත යුතුයි.  ශ‍්‍රී ලංකාව තුළ දින 01 ත් 06ත් අතර කාලයක් යම් සංචාරකයෙක් රැදී සිටින්නේ නම් එක් පී.සී.ආර්.පරීක්ෂණයක් සිදු කළ යුතුයි. 

03. යම් සංචාරකයෙක් දින 07කට වඩා වැඩි කාලයක් මෙරට තුළ ‍රැඳී සිටින්නේ නම් ඔහු තවත් පී.සි.ආර් පරීක්ෂණයක් සිදු කළ යුතු අතර එක් පී.සී.ආර් පරීක්ෂාවක් සඳහා සංචාරකයෙකුගෙන් අයකරන මුදල ඇ.ඩො 40කි.

04. ශ්‍රී ලංකාවට පැමිණෙන සියළුම සංචාරකයින් ඇ.ඩො.12ක කොවිඩ් රක්ෂණ ආවරණයක් ලබා ගත යුතුයි. විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් සහ ද්විත්ව පුරවැසිභාවය හිමි පුද්ගලයින් මෙසේ රක්ෂණ ආවරණයක් ලබාගැනීම අවශ්‍ය නොවේ.

05. ශ්‍රී ලංකාවට පැමිණීමට සූදානම් වන සංචාරකයින්
ගුවන් ප‍්‍රවේශ පත‍්‍රය ,
කොවිඞ් රක්ෂණ ආවරණය ලැබූ සහතිකය
ශ‍්‍රී ලංකාවේ දී සිදු කරන පී.සී.ආර්.පරීක්ෂණ සදහා මුදල් ගෙවූ රිසිට් පත,
ශ‍්‍රී ලංකාවේ නවාතැන් ගැනීමට නියමිත හෝටලයේ විස්තර සහ වෙන් කරවා ගත් අංකය
ශ‍්‍රී ලංකාවට පැමිණීමට පැය 72 කට පෙර ලබා ගත් පී.සී.ආර්. පරීක්ෂණ ප‍්‍රතිඵල වාර්තාව ඉදිරිපත් කළ යුතුයි. 

06. අනතුරුව සංචාරක වීසා ලබා ගැනීමට http://www.eta.gov.lk/slvisa/ වෙබ් අඩවියට පිවිස ඒ සඳහා අයදුම් කළ යුතුයි.

07. ශ්‍රී ලංකාවට පැමිණෙන සියලුම ගුවන් මගීන් ඔවුන්ගේ ගුවන් මලු සියල්ලම ගුවන් තො‍ටුපොළ තුළදීම විෂබීජහරණය සිදු කළ යුතුයි.

08. සියළුම ගුවන් මගීන් මුඛ ආවරණය පැළඳීම අනිවාර්ය වේ.

09. අනතුරුව සියළුමගුවන්මගීන් ගුවන් යානය තුළ දී ලබාදුන් සෞඛ්‍ය වාර්තා, ගුවන්තො‍ටුපොළ තුළ සූදානම් කර ඇති සෞඛ්‍ය කවුළු වෙත ලබා දිය යුතුයි. ක‍ටුනායක ගුවන් තො‍ටුපලෙහි මෙවැනි කවුළු 10ක් ද මත්තල ගුවන් තො‍ටුපලේ කවුළු 02ක් ද සූදානම්ව පවතී,

10. එහිදී යම් ගුවන් මගියෙක්ගේ ශරීර උෂ්ණත්වය සෙල්සියස් අංශක 37.5ට වැඩි නම් ඔහු හෝ ඇය වහාම ගුවන් තො‍ටුපොළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් වෙත යොමු කරනු ලැබේ.

11. ඉන්පසු සංචාරකයින් ආගමන විගමන කලාපයට පිවිසෙන අතර එහිදී ඔවුන් තත්පර 30 -40 කාලයක දී නිදහස් කෙරෙනු ලැබේ.

12. ගුවන් තො‍ටුපොළ තීරු බදු රහිත සාප්පු සංකීර්ණයට ඔවුන්ට පිවිසීමට හැකියාව ලැබෙන්නේ ඉන්පසුවයි.

13. ගුවන් මගීන් මෙම සාප්පු තුළ වැඩි කාලයක් ගත කරන බැවින් එහි සියළුම සේවකයින් පූර්ණ ආරක්ෂිත ඇඳුම් පැළඳ සිටිය යුතුයි.

මේ වන විටත් මේ සියළු ක්‍රියාවලි සඳහා පෙරහුරු පවත්වා තිබෙනවා. සංචාරකයින්ගේ පී.සී.ආර් පරික්ෂණ සිදු කරනු ලබන්නේ අදාල හෝටල් තුළදීය. ඒ ගුවන් තො‍ටුපොළෙහි තදබදයක් ඇතිවීම වළක්වා ගැනීමටයි.






ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu