gossiplanka alexa ක්‍රිකට් ක්‍රීඩකයෙකු නිසා කොවිඩ් ආසාදිත වෛද්‍යවරිය සෞඛ්‍ය නීති කඩ කරයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ක්‍රිකට් ක්‍රීඩකයෙකු නිසා කොවිඩ් ආසාදිත වෛද්‍යවරිය සෞඛ්‍ය නීති කඩ කරයි

නප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයෙකු විදෙස් සංචාරයකට යෑමට ප්‍රථම සිදු කල පි.සී.ආර් පරීක්ෂාවෙන් ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වුණා. ඒ අනුව ඔහුගේ ආශ්‍රිතයින් පිළිබඳව සොයා බැලීමේ දී ඔහුඅ ඇසුරු කළ වෛද්‍යවරියෙකුට ද කොරෝනා ආසාදිනය වී ඇති බව හෙළි වී තිබෙනවා.
 
මෙම වෛද්‍යවරිය හාලවත මහ රෝහලේ සේවයේ නිරතවනවා. ක්‍රිකට් ක්‍රීඩකයා පී.සී.ආර් පරීක්ෂාව සිදු කර ඇත්තේ පෞද්ගලික රෝහලකින් වන අතර ඔහුට කොවිඩ් ආසාදිත බව එම රෝහලෙන් දැනුම්දීමත් සමඟම වෛද්‍යවරිය හලාවත රෝහලේ බලධාරීන් ඒ පිළිබඳව දැනුවත් කර තිබෙනවා.

ඒ අනුව හලාවත මහ රෝහලේ අධ්‍යක්ෂකවරයා දැනුම් දී ඇත්තේ වෛද්‍යවරියට ඇගේ පෞද්ගලික වාහනයෙන් හලාවත රෝහලට පැමිණෙන ලෙසයි. නමුත් වෛද්‍යවරිය රෝහලට පැමිණ ඇත්තේ කුලියට ලබාගත් වාහනයක් භාවිතා කරමින්.

ඇය කුලී රථ රියදුරුට ඒ බව නොදන්වා ඇති බව වාර්තා වනවා. වෛද්‍යවරිය ලබා ගත් දුරකතන ඇමතුම් පිළිබඳව සැක සිතී කුලී රථ රියදුරු කිහිප වතාවක්ම ඇයට කොවිඩ් ආසාදිත දැයි විමසා ඇතත් ඇය එය ප්‍රතික්ෂේප කර තිබෙනවා. වෛද්‍යවරිය ඒ අවස්ථාවේ දී සෞඛ්‍ය ආරක්ෂිතව හැසිරී නොමැති අතර මුඛ ආවරණයක් ද පැළඳ නොසිටි බව අනාවරණය වී තිබෙනවා.

මෙම වෛද්‍යවරිය හලාවත රෝහලට පැමිණෙන අවස්ථාවේ දීම '‍රැපිඩ් ඇන්ටිජන්' පරීක්ෂණය සිදු කර ඇයට කොවිඩ් 19 වෛරසය වැළඳී ඇති බව තහවුරුකරගෙන තිබෙනවා.

වෛද්‍යවරිය රෝගී තත්ත්වයෙන් පසුවන බැවින් එම අවස්ථාවේ දී මේ පිළිබඳව ප්‍රකාශයක් ලබා නොගත් බවත් ඇය සුව වී පැමිණි පසු වහා ප්‍රකාශයක් ලබාගෙන නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බවත් හලාවත මහ රෝහලේ අධ්‍යක්ෂකවරයා පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu