gossiplanka alexa ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියට ඉන්දියාව සහභාගී නොවන හේතුව

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියට ඉන්දියාව සහභාගී නොවන හේතුව

මේ වසරේ පැවැත්වීමට නියමිත ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලිය සඳහා ඉන්දියාව සහභාගී නොවීමේ වැඩි ප්‍රවණතාවයක ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 

මෙම තරඟාවලිය පැවැත්වෙන කාල සීමාව අතරතුර දී ලෝක ශීරතා ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟය පැවැත්වීමට දින නියම වී තිබීමත් ඉන්දියාව එම අවසන් මහා තරඟය සඳහා සුදුසුකම් ලබා ගැනීමේ වැඩි ඉඩක් පැවතීමත් ඉන්දීය ක්‍රිකට් මණ්ඩලය මෙම තීරණය ගැනීමට ආසන්න හේතුව බව සඳහන් වනවා.

කෙසේ වෙතත් ලෝක ශූරතා ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියෙ අවසන් මහා තරඟයට ඉන්දියාව සුදුසුකම් නොලැබුවහොත් ආසියානු කුසලානය පැවැත්වෙන කාල වකවානුව වන විට නවසීලන්තය, දකුණු අප්‍රිකාව හෝ ශ්‍රී ලංකාවේ සහභාගිත්වයෙන් ද්විපාර්ශ්වික ජාත්‍යන්තර ක්‍රිකට් තරඟාවලියක් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

පසුගිය වසයේ පැවැත්වීමට නියමිතව තිබූ ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලිය කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් 2021 දක්වා කල් දැමුණා. මෙම තරඟාවලිය පකිස්තානයේ පැවැත්වෙනවා ද පකිස්තානයේ සත්කාරකත්වය ඇතුව වෙනත් රටක පැවැත්වෙනවා ද යන්න මෙතෙක් තීරණය වී නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu