gossiplanka alexa අමෙරිකාවේ 46 වන ජනාධිපතිවරයා දැඩි ආරක්ෂාවල් මැද අද දිවුරුම් දෙයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අමෙරිකාවේ 46 වන ජනාධිපතිවරයා දැඩි ආරක්ෂාවල් මැද අද දිවුරුම් දෙයි

ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂකයා ලෙස ඉදිර්පත් වූ ජෝ බයිඩන් අමරිකා එක්සත් ජනපදයේ 46 වෙනි ජනාධිපති ලෙස සහ කමලා හැරිස් උප ජනාධිපතිනිය ලෙස දිවුරුම් දීම වොෂිංටන් වේලාවෙන් අද පෙරවරු 11.30ට (ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 10ට පමණ) සිදු කිරීමට නියමිතවනවා. 

මෙය ජනාධිපති පදවියේ දිවුරුම් දීම වෙනුවෙන් අමෙරිකාවේ පැවැත්වෙන 59 වෙන් උත්සවයයි. උත්සවය ආරම්භයේ දී අමෙරිකානු ජාතික ගීය ගායනය සහ අදාළ රංගනයක් ලේඩි ගාගා සග ජෙනිෆර් ලෝපස් විසින් ඉදිරිපත් කිරීමට නියමිතයි.

කොව්ඩ් වසංගත තත්ත්වය හේතුවෙන් මෙවර ජනාධිපතිවරයා දිවුරුම් දීමේ උත්සවයට සාමාන්‍ය ජනතාවට සහභාගී වීමට අවස්ථාව ලබා දී නැහැ. නමුත් ජෝ බයිඩන් ගේ පෞද්ගලික වෙබ් අඩවිය ඇතුළු පුවත් සේවා සහ සමාජ මාධ්‍ය ජාලා හරහා එම අවස්ථාව සජීවීව විකාශය කිරීමට කටයුතු සලසා තිබෙනවා. 

වසංගතය මර්දනය කිරීම,ව් අඩා හොඳ තැනකට රට නැවත ‍රැගෙන යාම, එකමුතු වී දේශය සුවපත් කිරීම ආදී දේ ඇතුළත් ප්‍රතිපත්ති ප්‍රකාශයක් ජනාධිපතිවරයා ජාතිය අමතමින් ඉදිරිපත් කිරීමට නියමිත බවයි ජනාධිපතිවරයාගේ වෙබ අඩවියේ සඳහන් වන්නේ.

මෙම දිවුරුම් දීමේ උත්සවය දැඩි ආරක්ෂාවක් යටතේ සිදු කිරීමට සියල්ල සූදානම් කර ඇත. ඒ ජනාධිපතිවරණයෙන් පරාජිත ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ අනුගමිකයින් උත්සවය කඩාකප්පල් කිරීමට සැලසුම් සිදු කරන හෙයිනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu