gossiplanka alexa ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයෙන් කොරෝනා පොකුරක් ? චමල්ටත් ළඟ ඇසුරක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයෙන් කොරෝනා පොකුරක් ? චමල්ටත් ළඟ ඇසුරක්

කොවිඩ් ආසාදිත 8 දෙනෙකුගෙන් යුත් පොකුරක් හමුවීමත් සමඟම නිල මැඳුරේ පවත්වාගෙන යන රාජ්‍ය ආරක්ෂක ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශය දින නියමයක් නොමැතිව ඊයේ (19) වසා දමනු ලැබුවා. 
 
අමාත්‍යාංශයේ විමර්ශන අංශයේ නිලධාරීන් 14 දෙනෙකුට සිදු කල පරීක්ෂණ වලදී ඉන් 7 දෙනෙකුටම කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වුණා.

ඒ අතර විමර්ශන අංශයේ අතිරේක ලේකම්වරයාගේ පෞද්ගලික සහකාරිවරිය ද වනවා. එසේම එම අංශයේ රියදුරු මහතෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව සොයා ගෙන තිබෙනවා. ඒ ඔහු සිය නිවස බලා ගමන් කරන අවස්ථාවේ දී අහඹු ලෙස සිදු කල ඇන්ටිජන් පරීක්ෂාවකින්.

කොරෝනා ආසාදිත රියදුරෙකු ඊයේ (19) වන තුරුම ‍රැඳී සිට ඇත්තේ  අමාත්‍යාංශයේ රියදුරන් සඳහා වෙන් කර ඇති කුටියේ ය. එම කුටියේ තවත් රියදුරන් 20ක් පමණ සිට ඇති බව වාර්තා වනවා.

එසේම මෙම විමර්ශන අංශයේ අතිරේක ලේකම්වරයා ද ළඟම ආශ්‍රිතයෙකු වී තිබිය දී පසුගිය  18 වනදා අමාත්‍යාංශය භාර රාජ්‍ය ඇමති චමල් රාජපක්ෂ මහතා සහ එම අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල්  කමල් ගුණරත්න මහතා හමුවීට ගොස් ඇති බව වාර්තා වනවා. 

මේ වන විට එසේ කොවිඩ් වෛරසය ආසාදිත යැයි හඳුනා ගත් සියළු දෙනා ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති අතර ඔවුන් වැලිවේරිය, පිළියන්දල, කැලණිඅ, පූගොඩ, පස්යාල යන ප්‍රදේශවල පදිංචිකරුවන් වනවා. 

එම පරිශ්‍රයේ පවත්වාගෙන යන කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දෙදෙනෙකුට ද පසුගියා කොරෝනා වෛරසය ආසාදනය වි තිබුණා.



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu