gossiplanka alexa විදෙස් සංචාරකයින් නිසා රට අවදානමේ බව සෞඛ්‍ය නිලධාරීන්ගෙන් අනතුරු ඇඟවීමක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

විදෙස් සංචාරකයින් නිසා රට අවදානමේ බව සෞඛ්‍ය නිලධාරීන්ගෙන් අනතුරු ඇඟවීමක්

කොරෝනා වෛරස ව්‍යාප්තිය නිසා මෙරටවසා දමා තිබූ ගුවන් තො‍ටුපළ පසුගියාම්ස 28 වන දින විවෘත කිරීමත් සමඟම විදෙස් සංචාරකයින් 500කට අධික පිරිසක් මෙරටට පැමිණියා. එම පිරිසට යුක්‍රේන ජාතිකයින් ද ඇතුලත් අතර එයින් 6 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදිත බව ද තහවුරු වී තිබෙනවා. 

මෙසේ සංචාරකයින් මෙරටට ගෙන්වා ගැනීම හේතුවෙන් කොරෝනා වෛරසයේ නව ප්‍රභේදයන් විදේශ සංචාරකයින් හරහා රට තුළට ඇතුළුවීමේ දැඩි අවදානමක් පවතින බවයි සෞඛ්‍ය අංශ අනතුරු අඟවන්නේ.

එම නිසා සංචාරකයින් සම්බන්ධව සකසා ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසියාකාරව පිළිපැඳිය යුතු බව ඔවුන් පෙන්වා දෙනවා. ජෛව ආරක්ෂක බුබුලක් තුළ විදෙස් සංචාරකයින් සිය සංචාරය සිදු කල ද සංචාරකයින් සමඟ ගැටෙන සියළු දෙනා සෞඛ්‍ය මාර්ගෝපදේශ අකුරටම පිළිපැඳිය යුතු බවයි සෞඛ්‍ය නිලධාරීන් වැඩි දුරටත් පෙන්වා දෙන්නේ.

සිය නිරෝධායන කාලසීමාවන් තුළ විදෙස් සංචාරකයින් රට තුළ සංචාරය කිරීම මෙසේ අවදානම වැඩි වීමට හේතු වී ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශයේ ප‍්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu