gossiplanka alexa ජාතික පාසලක සිසුන් 10කට කොරෝනා, තවත් කොරෝනා පොකුරක් ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ජාතික පාසලක සිසුන් 10කට කොරෝනා, තවත් කොරෝනා පොකුරක් ?

පෙබරවාරි 04 වන දින පැවැත්වීමට නියමිත ජාතික නිදහස් දින උත්සවයට සිසුන් පිරිසක් සහභාගී කරවන ලෙස දැනුම් දිමෙන් අනතුරුව බදුල්ල පස්සර ජාතික පාසලේ සිසුවියන් 03 දෙනෙකු පසුගිය 18 වන දින පී.සී.ආර් පරීක්ෂාවට ලක් කරනු ලැබුවා. 

එහිදී එම සිසුවියන් තිදෙනාට කොවිඩ් -19 වෛරසය වැළඳී ඇති බව තහවුරු වීමත් සමඟම ඔවුන්ගේ ආශ්‍රිතයින් ඉලක්ක කර ගනිමින් තවත් සිසුන්ට පී.සී.ආර් පරීක්ෂාව සිදු කර තිබෙනවා.

ඒ අනුව කොරෝනා වෛරසය ආසාදනය වූ සිසුන් 07 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

එම සිසුන් 07 සමඟින් බදුල්ල පස්සර ජාතික පාසලේ කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ මුළු සිසුන් ගණන 10ක් ලෙස අනාවරණය වුණා.

මේ වන විට පස්සර ජාතික පාසැලේ 12 සහ 13 වන ශ්‍රේණියේ පන්ති වසා දැමීමට සහ එම සිසු සිසුවියන් ස්වයං නිරෝධායනයට ලක්වීමට අවශ්‍ය උපදෙස් ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu