gossiplanka alexa ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින් දෙදෙනෙකුට කොරෝනා

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින් දෙදෙනෙකුට කොරෝනා

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නවක ක්‍රීඩකයින් දෙදෙනෙකුට ද කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණය වී තිබෙනවා. 

චාමික කරුණාරත්න සහ බිනුර ප්‍රනාන්දු එම ක්‍රීඩකයින් දෙදෙනායි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් කිහිපදෙනෙකුට සිදු කල පී.සී.ආර් පරීක්ෂණවල දී මේ බව අනාවරණය වී තිබෙනවා.

කොරෝනා ආසාදිත ක්‍රිකට් ක්‍රීඩකයින් ඇසුරු කළ පුද්ගලයින් ද ඔවුන්ගේ පවුලේ සාමාජිකයින්ට ද ඉදිරියේ දී පී.සී.ආර් පරීක්ෂණවලට යොමු කිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව වෛරසය ආසාදිත චාමික කරුණාරත්නගේ සොහොයුරා වන ශ්‍රී ලංකාවේ විශිෂ්ට බැඩ්මින්ටන් ක්‍රීඩක නිලූක කරුණාරත්න ඇතුළු ඔහුගේ පවුලේ සමාජිකයින් සියල්ල ද පී.සී.ආර් පරීක්ෂාවට යොමු කිරීමට නියමිතයි.

එම හේතුව නිසා මේ වනවිට නිලූක ඇතුලත්ව සිටින ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංචිතයේ වැඩ කටයුතු තාවකාලිකව නවතා දමා ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම දැන් සිටින්නේ ගාල්ලේ වන බැවින් ඔවුන්ට ගැටළුවක් ඇති වී නැති බවත් ඉදිරියේ දී සියළුම ක්‍රිකට් ක්‍රීඩකයින් කොටස් වශයෙන් ගෙන පී.සී.ආර් පරීක්ෂාවට ලක් කරන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu