gossiplanka alexa ''නිදි පෙති තැබුවේ ලියුම් පෙට්ටියේ, දෙමව්පියන්ගේ ආහාරවලට මිශ්‍රකලා'' - අපයෝජනය වූ දැරියක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

''නිදි පෙති තැබුවේ ලියුම් පෙට්ටියේ, දෙමව්පියන්ගේ ආහාරවලට මිශ්‍රකලා'' - අපයෝජනය වූ දැරියක්

බාල වයස්කාර දැරියක් ලවා ඇයගේ දෙමව්පියන්ට ආහාර සමඟ නිදි පෙති මිශ්‍ර කර ලබා දී අවස්ථා ගණනාවක දීම එම දැරිය ලිංගික අපයෝජනයට ලක් කල පුද්ගලයෙක් අතුරුගිරිය පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා. 

මෙම දැරියට වයස අවුරුදු 15ක් වන අතර අත අඩංගුවට ගත් පුද්ගලයා වසස අවුරුදු 23ක තරුණයෙක්.

මෙම සැකකරු එම දැරියව ලිංගික අපයෝජනයට ලක් කරන අයුරු වීඩියෝ කර ඇති අතර එම වීඩියෝව පෙන්වා දැරිය බියට පත් කර මෙසේ දින ගණනාවක් ඇයව අපයෝජනය කර තිබෙනවා. 

සැකකරු විසින් නිවස ඉදිරිපිට ඇති තැපැල් පෙට්ටියට නිදි පෙති කුඩු කර දැමූ පාර්සලය දමන අතර දැරිය විසින් එම නිදි පෙති තම දෙමව්පියන්ගේ ආහාරවලට මිශ්‍ර කර තිබෙනවා. මවුපියන්ට නින්ද ගිය පසු ඔහු එම නිවසට පැමිණ දැරියට එලෙස අතවර කර ඇති බව සිදු කල පරික්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.

එම දැරිය මීට දින කිහිපයකට පෙර කිසියම් පෙති වර්ගයක් හොර රහසේ පානය කරන අයුරු ඇයගේ පියා දැක තිබෙනවා. ඒ ගැන ප්‍රශ්න කිරීමේ දී එය උපත් පාලන පෙති බවට අනාවරණය වී තිබෙනවා.

අනතුරුව සිදු කළ දීර්ඝ ප්‍රශ්න කිරීම්වලදී සැකකරු පිළිබඳව තොරතුරු හෙළිවී තිබෙනවා.

අතවරයට පත් දැරිය කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර සැකකරු කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu