gossiplanka alexa මා පිය දූ දරු ආදරණීය සබඳතා වෙනුවෙන් "උත්තම මා පිය වන්දනා වැඩසටහන" රුවන්වැලි මහ සෑ රඳුන් අභියසදී පැවැත්වූ වගයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මා පිය දූ දරු ආදරණීය සබඳතා වෙනුවෙන් "උත්තම මා පිය වන්දනා වැඩසටහන" රුවන්වැලි මහ සෑ රඳුන් අභියසදී පැවැත්වූ වගයි

නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක ස්වර්ණමාලි චෛත්‍යරාමධිකාරී පූජ්‍ය පල්ලේගම හේමරතන නායක හිමියන්ගේ අනුශාසකත්වයෙන් ඉඩම් අමාත්‍ය ගරු එස්.එම්.චන්ද්‍රසේන මැතිතුමාගේ සහ එම මැතිණියගේ ප්‍රධානත්වයෙන් ඔක්තෝබර් 01 වෙනි දිනට යෙදුණු “ලෝක ළමා දිනය“ ට සමගාමීව “උත්තම මා පිය වන්දනා“ වැඩසටහන ඓතිහාසික රුවන්වැලි මහා සෑය පුදබිමේදී පැවැත්වීම සිදුකළා.

කාව්‍ය විශාරද, රුපවාහිනී සහ ගුවන් විදුලි විචිත්‍ර ධර්ම දේශක පූජ්‍යපාද වෑවල සීලරතන ස්වාමීන්වහන්සේගේ මෙහෙයවීමෙන් පැවැත්වූ මෙම මා පිය වන්දනා වැඩසටහන ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා නිධන්කර ඇති අනුරාධපුර රුවන්වැලි මහ සෑ රඳුන් අභියසදී ඉතා සාර්ථක අයුරින් පවත්වා අවසන් කළා.

එස්.එම් චන්ද්‍රසේන පදනම විසින් සංවිධානය කළ මෙම උත්තම පූජා මාපිය වන්දනා වැඩසටහනට ''පාරමිතා සඳහම් සෙවණ'' සංවිධානයේ සම සංවිධාන දායකත්වය හිමිව තිබුණා. ලක්ෂයකට ආසන්න පිරිසක් මෙම වැඩසටහනට සහභාගි වී තිබීම විශේෂත්වයක්.

වැඩටහනට සහභාගී වූ සියළුම දෙනා සඳහා මැලිබන් ආයතනයෙන් කිරි ලබා දුන් අතර මන්චී සමාගම විසින් ඒ සියළුම සැදැහැවතුන් සඳහා බිස්කට් ලබා දීම සිදු කලා. එමෙන්ම HINCA පුද්ගලික සමාගමද මේ සදහා දායකත්වය සැපයු අතර මාධ්‍ය අනුග්‍රහය ගොසිප් ලංකා පුද්ගලික සමාගම විසින් ලබාදෙනු ලැබුවා.


වැඩසටහන් සඳහා සම්බන්ධ කරගැනීමට :

පාරමිතා සදහම් සෙවණ හා ජාතික මාපිය වන්දනා සංවිධානය

0777 910 420
































ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu