gossiplanka alexa උතුරේ ජනතාව ඇඳිරි නීතියට සූදානම් කරවයි, මොණරාගලත් කොරෝනා වෛරසය නිසා බියෙන්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

උතුරේ ජනතාව ඇඳිරි නීතියට සූදානම් කරවයි, මොණරාගලත් කොරෝනා වෛරසය නිසා බියෙන්

කොරෝනා වෛරසය ආසාදිතව හඳුනාගත් දිවුලපිටිය කාන්තාව ළඟින්ම ඇසුරු කල කාන්තාවක් මොණරාගල ප්‍රදේශයට පැමිණ ඇතැයි අනාවරණය වී තිබෙනවා. 

ආසාදිත කාන්තාව සමග එකම ඇඟලුම් කමහලේ සේවය නියුතු එම කාන්තාව නිවාඩු ලබා මොණරාගලට පැමිණ මොණරාගල බස්නැවතුම්පොළ, ඉරිදා පොළ, කච්චේරි හන්දිය සහ රජයේ බැංකුවකට ගොස් ඇති බවයි තොරතුරු වාර්තා වී තිබෙන්නේ.

මේ අතර කොරෝනා ආසාදිත කාන්තාව සේවය කල ඇඟලුම් කම්හලේ සේවයේ නියුතු සේවක පිරිසක් යාපනය ප්‍රදේශයේ සැරිසරා ඇති බවට යන ප්‍රචාරයක් නිසා එහි ජනතාව තුළ බියක් ඇති වී තිබෙනවා.  උතුරේ පොලීසිය හා සෞඛ්‍ය නිලධාරීන් විසින් ජනතාව දැනුවත් කිරීම් මේ හේතුව නිසා ආරම්භ කර ඇති බව සඳහන්. බිය නොවී නිසි සෞඛ්‍ය ආරක්ෂිත පියවරයන් අනුගමනය කරන ලෙස ජනතාව දැනුවත් කරනු ලබනවා.

එසේම යම් හෙයකින් ඇඳිරි නීතිය පැනවීමට සිදු වුවහොත් ඇඳිරි නීතිය පවතින කාලසීමාව තුළ දී කටයුතු කරන ආකාරය ද මෙහිදී නිලධාරීන් විසින් ජනතාව වෙත උපදෙස් දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu