gossiplanka alexa ක‍ටුනායක වෙළඳකලාපයට පෞද්ගලික වාහන තහනම්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ක‍ටුනායක වෙළඳකලාපයට පෞද්ගලික වාහන තහනම්

ක‍ටුනායක නිදහස් වෙළඳකලාපයේ සේවයකරන සියළුම දෙනාට තම පෞද්ගලික රථවාහනවලින් සේවයට පැමිණීම අද සිට අත් හි‍ටුවා තිබෙනවා. 

ඒ වෙනුවට ඒ ඒ කර්මාන්තශාලාවලින් සපයන ප්‍රවාහන මාධ්‍යවලින් ඔවුන් සේවයට වාර්තා කළ යුතු බවයි කටුනායක පොලීසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක අකිල රණසිංහ මහතා පවසන්නේ.

සේවයට පැමිණෙන මුවාවෙන් තම සේවා හැඳුනුපත යොදාගෙන ක‍ටුනායක වෙළඳ කලාපයේ සේවකයින් වෙනත් ප්‍රදේශවෙත යමින් සිටියදී පසුගියදා අත් අඩංගුවට ගැණුනා. මේ හේතුවෙන් නවකොරෝනා වෛරසය පැතිර යාම වැළැක්වීමට මෙම තීරණය ගත් බවයි පැවසෙන්නේ.

සියළුම සේවකයින්ට ප්‍රවාහන පහසුකම් සපයන ලෙස සියළුම කම්හල් හිමියන් පොලීසිය විසින් දැනුවත් කර තිබෙනවා.

ක‍ටුනායක වෙළඳ කලාපය අවට නේවාසිකව සිටින සේවක සේවිකාවන්ට අවශ්‍යනම් පා ගමනින් සේවයට පැමිණිය හැකි බව ද දැනුම් දී තිබෙනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu