gossiplanka alexa පී.සී.ආර් පරීක්ෂණ වාර්තා වැරදි වන්නේ ඇයි ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පී.සී.ආර් පරීක්ෂණ වාර්තා වැරදි වන්නේ ඇයි ?

පී
.සී.ආර් පරීක්ෂණයේ දී හෝ වෙනත් ඕනෑම වෛද්‍ය රසායනාගාර පරීක්ෂණයක දී එම පරීක්ෂණයේ ප්‍රතිඵල මඟින් අපේක්ෂිත ඉලක්ක සපුරා ගැනීමට නොහැකි අවස්ථා එළඹිය හැකි වුවද විධිමත් පරිදි පවත්වා ගන්නා රසායනාගාරයකින් වැරදි වාර්තා නිකුත් වීමේ කිසිදු ඉඩක් නැහැ. 

පී.සී.ආර් පරීක්ෂණය සම්බන්ධයෙන් සැලකීමේ දී එලෙස වැරදි වාර්තා නිකුත් විය යුතු මූලික හේතු කිහිපයක් පරීක්ෂණයේ අවධි තුනක් යටතේ කියන්න පුළුවන්. 

පූර්ව පරීක්ෂණ අවධිය සැලකිල්ලට ගැනීමේ දී නිදර්ශකය තුළ ප්‍රමාණවත් වෛරස් ප්‍රමාණයක් අන්තර්ගත වීම හෝ නොවීම පරීක්ෂණ ප්‍රතිඵලයට බලපාන ආකාරය අනුව පරීක්ෂණයේ නිරවද්‍යතාව පිළිබඳව සමාජය තුළ විශාල කතා බහක් ඇති වී තිබෙනවා.

මෙහිදී සිදුකරන ඇතැම් විග්‍රහයන්ට අනුව වැරදි පරීක්ෂණ වාර්තාවක් නිකුත් වන බවට ඒත්තු ගැන්වෙන වැරදි මතයක් සමාජගත වී තිබුණ ද සැබවින්ම සිදුවන්නේ නිවැරදි නිදර්ශකයන් රසායනාගාරය වෙත නොලැබීම හෝ නිදර්ශකය තුළ ප්‍රමාණවත් පරිදි වෛරස් හෝ වෛරසය න්‍යෂ්ටික අම්ල අඩංගු නොවීම හේතුවෙන් නිදර්ශකය තුළ වෛරසය අඩංගු නොවන බවට පරීක්ෂණ වාර්තාවක් නිකුත් වීමයි.

රසායනාගාරයක් විසින් ලෙස පරීක්ෂණ වාර්තාවක් නිකුත් කරනු ලබන්නේම අදාළ නිදර්ශකය තුළ වෛරසය අඩංගු නොවන බව සඳහන් කරමින් වන අතර රෝගියා තුළ ඒ මොහොතේ වෛරසය නොතිබූ බව ඉන් තහවුරු වන්නේ නැහැ. එහෙයින් එය වැරදි වාර්තාවක් නොවන අතර් නැවත නැවත පරීක්ෂා කිරීම මඟින් වෛරසය නිදර්ශකය තුළට ඇතුළු කරවා ගැනීමේ සම්භාවිතාව වැඩි කරවාගැනීම දැනට අප අනුගමනය කරන සාමාන්‍ය ක්‍රියාදාමයයි.

කෙසේ නමුත් රෝගියෙකුගේ සිරුර තුළ ප්‍රමාණවත් පරිදි වෛරසය තිබියදීත් අප විසින් ලබා ගන්නා සෙම පටලය (නිදර්ශකය) තුළට ප්‍රමාණවත් වෛරසය ගණත්වයක් ඇතුළු වීමට ඇති සම්භාවිතාව 70%ක් පමණ වන බැවින් පී.සී.ආර් පරීක්ෂණයක දී කොවිඩ් 19 ආසාදිතයින්ගෙන් 30%ක පමණ ප්‍රමාණයක් පළමු පරීක්ෂාවේ දී මඟ හැරී යාමට ඉඩ තිබෙනවා. 

රෝගියාගේ ලබාගත් න්දර්ශකයේ ප්‍රමාණවත් වෛරස් ගණත්වයක් නොතිබීම, රෝගියාගේ ප්‍රමාණවත් වෛරස් ගණත්වයක් තිබියදීත් න්දර්ශකය ලබා ගැනීමේ දී දෝෂ සිදුවීම, නිදර්ශකය තුළ වන වෛරස් විනාශ වීම හෝ වෛර්ස් න්‍යෂ්ටික අම්ල අණු විනාශ වීම,රෝග ආසාදිත කාල පරාසයට අදාළ නිවැරද් පරීක්ෂණය ‍තෝරා නොගැනීම මෙයට හේතුවනවා. 

රවි කුමුදේශ් මහතා
වෛද්‍ය රසායනගාර විද්‍යාඥ වෘතීයවේදීන්ගේ ආයතනයේ සභාපති

උපුටා ගැනීම ලංකාදීප


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu