gossiplanka alexa ''එයාලා බේරෙන්න මගේ බිරියට වැ‍රැද්ද පටවන්න හැදුවා'' කොරෝනා දෙවෙනි ‍රැල්ල හැදුණු හැටි - විශේෂ හෙළිදරව්ව

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

''එයාලා බේරෙන්න මගේ බිරියට වැ‍රැද්ද පටවන්න හැදුවා'' කොරෝනා දෙවෙනි ‍රැල්ල හැදුණු හැටි - විශේෂ හෙළිදරව්ව

ටකතා හා ඕපා දුප සංස්කෘතිය වැඩිපුරම පෙනෙන්නට හා දැනෙන්නට තිබෙන්නේ දකුණු ආසියාවේ රටවලය. ඉබි යතුරු දමා පාලනය කළ නොහැකි පියාඹන්න අත් ත‍ටු අවශ්‍ය නොවන මේ කට කතා සහ ඕපදූප නිසා රටකට, සමාජයට මෙන්ම පෞද්ගලිකව පවුලකට හෝ චරිතයකට සිදුවන හානිය මෙපමණ යැයි සඳහන් කළ නොහැකිය. 

අප්‍රබුද්ධ සමාජය කෙසේ වෙතත් ප්‍රබුද්ධ සමාජය තුළ පවා හුවමාරුවන මේ ඕපාදූප හා කතා හේතුකොටගෙන මෑතකදී දැඩි අසීරුතාවයකට පත් වූ චරිතයක් ලෙස පෙණුනේ මාරාන්තික කොරෝනා වෛරසයේ දෙවැනි ‍රැල්ලත් සමඟම මුලින්ම මතු වූ ''බ්‍රැන්ඩික්ස්''ආයතනයේ ප්‍රදීපිකාය.

පසුගිය 3 වැනිදා රාත්‍රියේ දී ගම්පහ රෝහලේ දී කොවිඩ් -19 ආසාදිත තැනැත්තියක් බවට ඇය හඳුනාගත් මොහොතේ සිටම ප්‍රදීපිකා පිළිබඳව රට වටා ප්‍රචලිත වූ කටකතා හා ඕපාදූප ප්‍රමාණය අති මහත්ය.

මෙවැනි පසුබිමක ''මවුබිම'' ඇය සොයා දිග මෙහෙයුමක් ක්‍රියාත්මක කළේය. ඒ මේ ඕපදූප හා කටකතා ගැන මෙන්ම ඇය පත් වී තිබුණු අසීරු සහගත තත්ත්වය ගැන කරුණු හෙළි කර ගන්නටය.

''දෙවැනි ‍රැල්ලේ මුලින්ම කොරෝනා ආසාදිත වූ තැනැත්තිය බවට බොහෝදෙනා මාව හඳුන්වා දී තිබුණා. ඒක එහෙම නෙවෙයි කියලා මුලින්ම ලියන්න''

''මේ වෙද්දි වසංගත රෝග මර්දන අංශයේ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහත්තයා පවා ඒ ගැන කියා තිබුණා. ඒ නිසා ඒ චෝදනාවෙන් මාව නිදහස් කර දෙන්න.'' ප්‍රදීපිකා කතාව ආරම්භ කළා.

ප්‍රදීපිකා සුදර්ශනී රත්නායක පදිංචිව සිටින්නේ දිවුලපිටිය, හොරගස්මුල්ල, බෝඹුගම්මනය. තවමත් කුලී නිවසක ජීවත්වන ඇගේ දරු පවුල ‍රැකෙන්නේ ත්‍රීවීල් රියදුරකු ලෙස ‍රැකියාව කරන ස්වාමිපුරුෂයාගේ සහ පවුලේ දෙවැනි දරුවා වූ අවිශ්කගේ වැ‍ටුපෙනි. අවිශ්ක ‍රැකියාව කරන්නේ ප්‍රදේශයේ 'යමහා' අලෙවි නියෝජිත ආයතනයකය.

දරුවන් 4 දෙනෙකුගේ මවක වන සුදර්ශනීගේ වැඩිමහල් පුතා පසිඳු ලක්මාල් යුද හමුදාවේ ‍රැකියාවට යෑමට නියමිතව සිටියේ මේ දිනවලය. ඊළඟ දැරිය ස්වප්නා දිව්‍යාංජලී මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට සූදානමින් සිටින්නීය. තවමත් පාසැල් යන පවුලේ බාල දරුවා නිමේෂ්ගේ වයස අවුරුදු 14කි.

''මට ඉන්නේ මෙන්න මේ වගේ ආදරණීය දරු පවුලක්. මේ දරු පවුලේ කාටවත් හානියක් අපහාසයක් වන විදියට කවදාවත් කටකතා පැතිරිලා නැහැ. කටකතාවක් අහන විදියට මගේ පුද්ගලික ජීවිතේට මම කැළැලක් ඇති කරගෙන නැහැ. එහෙම මට තමයි නොදන්නා අය වගේම මාව හොඳටම දන්නා කිහිපදෙනෙක් කතා හැදුවේ. මම ඒකට වෛර කරන්නේ නැහැ. ඒත් මට දුකයි.''

ප්‍රදීපිකා සුදර්ශනීට මේ විදියට ඕපදූප කටකතා ගොන්නක් එකවිට හැදෙන්නේ පසුගිය 3 වැනිදායින් පසුවය.  ඒ මිනුවන්ගොඩ ''බ්‍රැන්ඩික්ස්'' කොරෝනා පරිච්ඡේදය ආරම්භ වීමත් සමඟය. තවත් විදියකට කියනවා නම් දෙවැනි ‍රැල්ලේ කොරෝනා ව්‍යාප්තියත් සමඟය. 

''මම PCR පරීක්ෂණයෙන් පොසිටිව් වුණු පළමු කොරෝනා රෝගියා වෙන්න පුළුවන්. හැබැයි එහෙම වුණේ මම බලහත්කාරයෙන්ව් අගේ මගේ රෝගය මොකක්ද කියලා බලන්න ගම්පහ රෝහලට ගිය නිසා. එහෙම යන්නේ නැතුව හිටිය නම් මේ කතාව රටට දැනගන්න ලැබෙන්නේ වෙනවිදියකට වෙන්න පුළුවන්''

ප්‍රදීපිකා සුදර්ශනී පවසන ආකාරයට මිනුවන්ගොඩ කොරෝනා ව්‍යාප්තිය එසේත් නැතිනම් ආරම්භය දිග හැරෙන්නේ සැප්තැම්බර් මස 19-20 වගේ දිනවල සිටය. ඒ තමන් වැඩ පරීක්ෂකවරියක් ලෙසකටයු‍ටු කරන CM 23 අංශයේ කිහිපදෙනෙකු රෝගී වීමත් සමඟය. 

''එදා මගේ අංශයේ ඉන්නළමයි 20 දෙනාගෙන් කිහිපදෙනෙකුටම හිසේ කැක්කුම, සාමාන්‍ය විදියට උණ හා කැස්සක් වගේ රෝග ලක්ෂණ ඇති වුණා''

''ඇත්තටම ඒ වෙලාවේ අපි කළේ ආයතනයේ වෛද්‍ය මධ්‍යස්ථානයට ගිහින් වේදනා නාශක ලබාගට්ත එක විතරයි. මොකද අපිට ඉක්මනින් ඉවර කරන්න තිබුණු ඉන්දියාවේ ඕඩර් එකක් භාර දීලා තිබුණා.

කෙසේ හෝ මේ ආකාරයට කාලය ගෙවී යද්දී සැප්තැම්බර් 27 වැනිදා ප්‍රදීපිකා සුදර්ශනීත් රෝගීවන්නේ පෙර සේවිකාවන් විදියටමය.
''ඕවා ගණන් ගන්න එපා. ඔය වෛරස් උණක්. ගිහ්න් පැනඩෝල් බීලා වැඩ කරරනවා'' ආයතන ප්‍රධානියෙකු එසේ කියමින් බැණ වැදුණේ මේ රෝගී තත්ත්වය පිළිබඳව ඔහු දැනුවත් වූ මොහොතකය.

''මම ගෙදර ඇවිල්ලා මගේ මහත්තයා එක්කත් මේ බව කිව්වා. ඊට පස්සේ මමත් බෙහෙත් බිබී සේවයට ගියා. ඒ අර 27 වැනිදා රෝගී වුණාටත් පසුවය. මොකද ඒ වෙද්දි ආයතනයේ වෛද්‍යවරයා මට බෙහෙත් ලබා දී තිබුණා. ඒ බෙහෙත් මාත් එක්ක හිටපු තවත් ළමයි දෙන්නෙක් එක්ක මම බෙදා හදාගෙන බිව්වා. මෝක්ද ඒ අයටත් තිබුණේ මගේ රෝග ලක්ෂණයි''

කාලය මේ විදියට තවත් දින කිහිපයක් ඉදිරියට ගමන් කළේය. රටම කැළඹූ කොරෝනා වසංගතයේ ඊළඟ ව්‍යාප්තිය මේ ආකාරයට රහසේම දළුලා වැඩෙන බව කිසිවෙකු සිහිනෙකුදු සිතුවෙ නැත.

සැප්තැම්බර් මස 30 වැනිදා බදාදා ප්‍රදීපිකා සුදර්ශනී නැවතත් සුපුරුදු ලෙස හිමිදිරියේම නිවෙස අසලට ආයතනයේ ප්‍රවාහන පහසුකම් සපයන බස් රථයට ගොඩවන්නීය. ඒ වෙද්දීත් ඇය සිටිනේ තෙහෙට්‍ටු ගතියෙනි.

''එදා මම රජකාරී පරිශ්‍රයට ඇවිත් ගතවුණේ වික වෙලාවයි. මට හුස්ම ගන්න බැරි විදිහේ අපහසුවක් ආවා. පපුව හිරවෙනවා වගේ දැණුනා.''

මේ මොහොතේ ඇය සමඟ සිටි සිටි සේවිකාවන් ආයතනය පරිශ්‍රයේ පිහිටි වෛද්‍ය මධ්‍යස්ථානය වෙත ප්‍රදීපිකාව ‍රැගෙන ගියේ වත්තන් කරගෙනය. ඊළඟ මොහොතේ ඇයව පරීක්ෂා කර බැලූ වෛද්‍යවරයා ඇයට ලබාදුන්නේ ගැස්ට්‍රයිටීස් රෝගයට දෙන ඖෂධය. ඒ මේ පපුව හිරවීමට හේතුව උදරයේ ආම්ලිකතාව වැඩිවීමේ ප්‍රතිඵලයක් යැයි අනුමාන කළ නිසාය.

''මට ඒ බෙහෙත්වලට අඩු වුණේ නැහැ. ඒ නිසාම මම බලකර කිව්වා මාව රෝහලකට අරන් යන්න කියලා. මේ අනුව තමයි මාව ගම්පහ රෝහලට අරන් ගියේ''

මේ ආකාරයට රෝහල්ගතවන ප්‍රදීපිකා පරීක්ෂා කර බැලූ වෛද්‍යවරු ඇයට අවශ්‍ය ප්‍රතිකාර ලබා දී පී.සී.ආර් පරීක්ෂණයකටත් යොමු කරවීමට කටයුතු කළහ. ඒ පරීක්ෂණයේ ප්‍රතිඵල ඔක්තෝබර් 01 වැනිදා එනම් පෝය දිනයේ ඇය ප්‍රතිකාර ලැබූ වාට්‍ටුව වෙත ලැබී තිබ්නි. ඊට පස්සේ වාට්‍ටුවේ දොස්තර මහත්තයා මට බොහොම කරුණාවෙන් කතා කරලා කිව්වා ''දරුවෝ ඔබට බයවෙන්න කාරියක් නැහැ ගෙදර යන්න පුළුවන්'' කියලා. ඒ අනුව මම මගේ මහත්තයගේ ත්‍රී වීලර් එකෙම අක්කත් එක්ක ගෙදර ආවා. 

බොහෝ විට අපි සිතන දේ වෙනුවට සිදුවන්නේ නොසිතන දේය. නොසිතන දේ වෙනුවට වෙනත් දෙයක් සිදුවීම ද මේ ජීවිත ගමනේ දී අනන්තවත් දැක ඇත.

ප්‍රදීපිකා සුදර්ශනීගේ කතන්දරයත් ඒ වාගේමය. එ අනපේක්ෂිත දවස හා මොහොත උදාවන්නේ මෙන්න මේ විදියටය.

''මම ගෙදර ආවේ ඔක්තෝබර් 01 වැනිදා. එහෙම ඇවිත් ඉන්නකොට 2 වැනිදා හවස 6.30ට විතර මගේ මහත්තයාගේ ජංගම දුරකතනයට කෝල් එකක් ආවා'' මේ දුරකතන ඇමතුමෙන් දන්වා සිටියේ ප්‍රදීපිකා සුදර්ශනීගේ පී.සී.ආර් පරීක්ෂණය පොසිටිව් වී ඇති බවය. එනම් ඇය කොරෝනා රෝගයට ගොඳුරු වී ඇති බව සනාථ වූ පුවතය. 

''මට හිතාගන්න බැරිවුණා. ඉස්සර වෙලා රෝහලෙන් මාව එව්වේ ''පොසිටිව්'' නැහැ කියලා. ඒත් දවසයි ගතවුණේ ''පොසිටිව්'' කියලා කිව්වා.
තවත් මොහොතක් ගතවෙද්දී ප්‍රදීපිකා සුදර්ශනීගේ ස්වාමිපුරුෂයා වූ ගයාන් මලිත් අමරසිංහගේ දුරකතනයට එක දිගට ඇමතුම් ලැබෙන්නට විය. ඒ ඇමතුම් සියල්ල තුළින්ම කියැවුණේ වහාම ඇඳුම් පැළඳුම් කිහිපයක් ගෙන අයි.ඩී.එච් රෝහල බලා යෑමට රෝගියා සූදානමින් සිටිය යුතු බවය. එමෙන්ම නිවසේ අයද වැඩිදුර පරික්ෂණ සඳහා සහභාගී වීම අනිවාර්ය බවය.

''මගේ හිත ලොකු බයකින් ගැහෙන්න පටන් ගත්තා. මට හිතාගන්න බැරිවුණා. මොකක්ද මම කරන්නේ කියලා. මම ඇඬුවා.

මේ මොහොතෙම දිවුලපිටිය පොලිස් නිලධාරී මහත්වරු කිහ්පදෙනෙකුත් අපේ ගෙදර ආවා. ඔවුන් මහ කැතම කැත විදියට බැණ වදිමින් අපිට දොස් කිව්වා. නරක කතා කිව්වා. අපිට එහෙම කතා කළේ මගේ මහත්තයා ත්‍රී වීලර් එළවන නිසාද? මම දරුවන්ට කන්න දෙන්න ගාමන්ට් ‍රැකියාවක් කරන නිසාද? අනේ මහත්තයා ඇයිඅපිට ඒ විදියට කතා කරන්නේ ?''

ප්‍රදීපිකාගේ ප්‍රශ්නය සංකීර්ණය. එහෙත් ඒ සංකීර්ණ ගැටළුව පි‍ටුපස අපට කියන්නට තිබෙන්නේ එකම එක උත්තරටකි. ඒ තමයි මිනිස්සු නොවන නොමිනිස්සු. හෘදයාංගම බවක් නැති රාජකාරියටම පමණක් සීමා වූ දරදඬු හිත් පිත් ඇති නොමිනිස්සු.

''ඇයි මහත්තයා අප්ට මෙහෙම කතා කරන්නේ. අපි ගාමන්ට් ‍රැකියාව කලාට වනචර ගැහැණු නෙමේ'' ප්‍රදීපිකා එසේ පවසා තිබුණා.

ටික වේලාවක් ගත වෙද්දී ඇයගේ නිවස ඉදිරිපිටට පැමිණි විශේෂ වාහනයකින් ඇයව අයි.ඩී.එච් රෝහලට ‍රැගෙන ගියේය.
''ඒ මහත්වරු නම් දෙවිවරු. අපිට හොඳට කතා කළා. ඇත්තටම මහත්තයා අද අපි මෙහෙම හරි හොඳින් ඉන්නේ නම් ඒ අයි.ඩී.එච් රෝහලේ ඉන්න දෙවිවරු නිසා''

''ඔවුන් දැනට වුණත් මා සම්බන්ධයෙන් රට පුර පැතිරිලා තියන කටකතා ගැන කියද්දී මගේ හිත සනසනවා. මට හිත හැදෙන්න කතා කරනවා. ආදරෙන් හැමදේම කියා දෙනවා''

''බ්‍රැන්ඩික්ස් කියන්නේ මගේම ආදරණීයම ආයතනය. එකට මම ආදරෙයි.  ඒත් සමහර නිලධාරී මහත්තුරු එහෙමත් නැත්නම් ලොක්කෝ මහ අන්රක විදියට ඒ ආයතනයේ නම කැත කරන්න වැඩ කරනවා. ඇත්තටම කලින් හිටපු මහත්තුරු වගේම තවමත් ඉන්න මහත්තුරු අතර හොඳ මහත්තුරු ඉන්නවා. ඔවුන් වගේ නෙමෙයි. මේ ප්‍රශ්නය වෙලාවෙදි අපිව බාරව සිටි මහත්තුරු..ඒකයි අපිට දුක''

''ඇත්තටම ඒ අයගේ වැ‍රැද්දක් වහගන්න අපිවත් නරක නොහොඹිනා ගෑණු විදියට වැරදි ආරචි සමාජයට යැව්වා. මාධ්‍යයට දුන්නා. මම නම් කියන්නේ මේවා දෙවියෙක් හරි උඩ ඉන්න කවුරුහරි බලාගනී කියලයි. හැමදාම මිනිස්සුන්ට බොරු කරන්නබැහැ''

''බලන්න මේ නරක ආරංචි නිසා මගේ දරුවෝ, මගේඑකම ගෑණු දරුවට වෙච්ච හානිය ඒ දරුවෝ..කොහොමද මේ සමාජයට මුහුණ දෙන්නේ. අපි අපේ දරුවෝ හදලා තියෙන්නේ චරිතවත් විදියට'' ප්‍රදීපිකා වේදනාවෙන් යුතුව පවසන්නීය.

ඇයගේ සැමියා පවසන්නේ මෙවන් දෙයක්.

''මගේ බිරිය කවදාවත් පිටරට ගිහිං නැහැ. ගුවන් යානයක් ළඟටවත් ගිහිං නැහැ. එක දවසක් එක ‍රැයක් ගෙදරින් පිට ඉදලා නැහැ.

උදේ 6.45ට විතර එන බ්‍රැන්ඩික්ස් බස් එකේ රාජකාරියට ගිහිං ඒ බස් එකේම රෑ 8.10ට විතර ප්‍රදීපිකා ගෙදර එනවා. ඉරිදාට ගෙදර. එදාට මුළු ගෙදරම වැඩ කරලා හවස මහන්සියට ටිකක් නිදාගන්නවා. ඔක තමයි එයාගේ ජීවන චර්යාව''

''අනික වැඩපොළේ පොත් අරගෙන බලනකොට ඔය කටකතා ගොතන අයට බලාගන්න පුළුවන් ඇය කොයි තරම් උනන්දුවෙන් හැමදාම වැඩට ඇව්ත් තියනවද කියලා. ඉතින් මේ තරම් සාධාරණ කරුණු තියෙද්දී තමයි ඇයට අපහාස කරන ආරංචි පතුරුවා හැරියේ. එක කළේ ඔය නිල්ධාරී මහත්තුරුම තමයි. එයාලා බේරෙන්න මගේ බිරියට වැ‍රැද්ද පටවන්න හැදුවා. හිතුවෙ නැහැ තවත් කොරෝනා රෝගීන් ගොඩක් එතැන ඉන්නවා කියලා. ඒවගේම ඇත්ත තොරතුරු එළියට එන එකක් නැහැ කියලයි මේ අය හිතුවේ''

ප්‍රදීපිකාගේ පියා අනතුරකට පත්ව අද සිටින්නේ අසනීප තත්ත්වයෙනි. ඇතැම් ප්‍රවෘති මඟින් පවසා සිටියේ ඇයගේ මව ද කොරෝනා ආසාදිතව සිටින බවය. නමුත් ඇයගේ මව මිය ගොස් ඇත්තේ මීට අවුරුදු එක හමාරකට පෙරය.

උපුටාගැනීම - මව්බිම









ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu