
රැකියා විරහිත උපාධිධාරීන් සඳහා රැකියා ලබාදීමේ වැඩපිළිවෙලට අනුකූලව උපාධිධාරීන් 50,000ක් සඳහා රැකියා ලබා දීමට නියමිතව තිබෙනවා. එසේ රැකියා හිමිවන උපාධිධාරින්ගේ නාම ලේඛනය මේ වන විටත් රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ වෙබ් අඩවියේ පළකර තිබෙනවා.
එසේ තෝරා ගත් උපාධිධාරීන්ගේ පත්වීම් ලිපි රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ විසින් නුදුරු දිනකදී ඔවුන් වෙත ලබා දීමට නියමිත බව සඳහන්.
සියළුම පත්වීම් ලාභීන් සැප්තැම්බර් මස 02 වනදින තමන්ට ආසන්නම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට වාර්තා කළ යුතු බව රජය විසින් මේ වන විටත් ඔවුන්ට දැනුම් දී තිබෙනවා. තෝරාගත් උපාධිධාරීන්ගේ නාමලේඛනය pubad.gov.lk වෙබ් අඩවියේ ඇතුළත්.
එසේම සැප්තැම්බර් මස 02 වන දින සිට තෝරාගත් අඩු ආදායම්ලාභීන් ලක්ෂයක් රැකියා සඳහා නියුක්ත කිරීමේ වැඩසටහන ද ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි තොරතුරු වාර්තා වන්නේ. ඒ සඳහා බහුකාර්ය සංවර්ධන කාර්යය සාධක බලකාය ස්ථාපිත කර තිබෙනවා.

