gossiplanka alexa පාසැල් ළමුන්ට මත්ද්‍රව්‍ය විකුණන නවතම ක්‍රමයක් ගැන පොලීසිය මහජනතාව දැනුවත් කරයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පාසැල් ළමුන්ට මත්ද්‍රව්‍ය විකුණන නවතම ක්‍රමයක් ගැන පොලීසිය මහජනතාව දැනුවත් කරයි

https://www.gossiplanka.com/2020/08/drug-school-student.html
පාසැල් සිසුන්ට මත්ද්‍රව්‍ය විකිණීම සඳහා නොයෙක් ක්‍රම භාවිතා වන බව සියළු දෙනාම දන්නා කරුණක්. එයට එකතු වී ඇති නවතම ක්‍රමයක් පිළිබඳව පොලීසීය මහජනතාව දැනුවත් කර සිටිනවා. 

පාසැල් ළමුන් සඳහා ලබා දෙන ඉන්හේලර් (ස්ප්‍රේ යන්ත්‍රයක්) වැනි උපකරණයක් මඟින් මෙලෙස එම දරුවන්ට මත්ද්‍රව්‍ය ලබා දෙන බවයි පොලීසිය පවසන්නේ. ලැබී ඇති තොරතුරු අනුව රුපියල් 1500ක වැනි මිලකට මෙය අලෙවි කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න ප්‍රකාශ කරන්නේ.

දෙමව්පියන්, ගුරුවරුන් සහ පාසැල් ආශ්‍රිතව රාජකාරියේ නිරතවන නිලධාරීන් මේ හේතුව නිසා දරුවන් පිළිබඳව දැඩි අවධානයෙන් පසු විය යුතු බවයි පොලීසිය පවසන්නේ.

මෙසේ මත්ද්‍රව්‍ය විකුණන පුද්ගලයින් පිළිබඳව තොරතුරක් ඇත්නම් ඒ පිළිබඳව ළඟම ඇති පොලිස් ස්ථානයට දැනුම් දෙන ලෙසයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා දැනුම් දී සිටින්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu