gossiplanka alexa වැලිකඩ බන්ධනාගාරයේ කොරෝනා ආසාදිතයා සමඟින් තවත් කොරොනා ‍රැල්ලක පෙරනිමිති ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

වැලිකඩ බන්ධනාගාරයේ කොරෝනා ආසාදිතයා සමඟින් තවත් කොරොනා ‍රැල්ලක පෙරනිමිති ?

https://www.gossiplanka.com/2020/07/corona-welikada-prison.html
වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි ‍රැඳවියකට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. මෙම රැඳවියා කන්දකාඩු ප්‍රදේශයේ පිහිටි මත් ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවූවන් පුනරුත්තාපනය කිරීමේ මධ්‍යස්ථානයේ රඳවා සිටි පුද්ගලයෙක්.

මෙම පුද්ගලයා පසුගිය27 වන දින නඩු කටයුත්තක් සඳහා වැලිකඩ බන්ධනාගාරය වෙත ‍රැගෙන විත් තිබූ අතර එහිදී සිදු කල PCR පරීක්ෂණයේ දී මොහු කොරෝනා ආසාදිතයෙකු බව හඳුනා ගැණුනා.

ඒ අනුව මෙම ‍රැඳවියා රඳවා සිටි වැලිකඩ බන්ධනාගාරයේ I වාට්‍ටුවේ තවත් 189 දෙනෙකු පූනානි නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කර තිබෙනවා. බස් රථ 6කින් යුධ හමුදා ආරක්ෂාව යටතේ මෙම පිරිස ඊයේ (07) රාත්‍රී 9ට පමණ එම නිරෝධායන මධ්‍යස්ථානය වෙත ‍රැගෙන ගිය බව සඳහන්.

එසේම වැලිකඩ බන්ධනාගාරයේ ජේලර්වරයෙකු සහ බන්ධනාගාර නියාමකවරුන් 8 දෙනෙකු ද නිරෝධායනය සඳහා රාජගිරියේ පිහිටි ආයුර්වේද රෝහලට යොමුකර ඇති බව සඳහන්.

කොරෝනා ආසාදිත රෝගියා සිටි වැලිකඩ බන්ධනාගාරයේ I වාට්ටුවේ  ඔහු සමඟ සිටි ‍රැඳවියන් පිළිබඳව මේ වන විට තොරතුරු විමර්ශනය කරමින් පවතිනවා. ඔහු එම බන්ධනාගාරයේ ‍රැඳවූ දින සිට ඊයේ (07) දින දක්වා ‍රැඳවියන් 100ක් පමණ නිදහස හිමි වී නිවෙස් බලා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එසේම තවත් ‍රැඳවියන් තිදෙනෙකු මොණරාගල බන්ධනාගාරයට ද දෙදෙනෙකු කළුතර බන්ධනාගාරයට ද මාරු කර යවා ඇති අතර අසනීප තත්ත්වයක් හේතුවෙන් මොණරාගලට මාරු කර යවා ඇති ‍රැඳවියන් තිදෙනා රෝහල් ගත කර තිබෙනවා.

එසේම වැලිකඩ බන්ධනාගාරයේ  ‍රැඳවියන් සහ නිලධාරීන් 210 දෙනෙකුට සිදු කළ පරීක්ෂණ වලින් අනාවරණය වී ඇත්තේ ඔවුන්ට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවයි.

නව කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයාට එය ආසාදනය වූ ආකාරය මෙතෙක් අනාවරණය වී නැහැ.

මේ තත්ත්වයන් යටතේ වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින ‍රැඳවියන්ට අමුත්තන් හමුවීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu