gossiplanka alexa සැඟවීමට උත්සාහා කළ ද බ්‍රසීල ජනපතිටත් කොරෝනා බව අනාවරණය වෙයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සැඟවීමට උත්සාහා කළ ද බ්‍රසීල ජනපතිටත් කොරෝනා බව අනාවරණය වෙයි

https://www.gossiplanka.com/2020/07/brazi-president-corona.html
ලොව පුරා කොරෝනා වසංගතය තවමත් පහ නොවූ තත්ත්වයක නොයෙක් රටවල් පනවා තිබූ නීති රිති ලිහිල් කිරීම නිසා එම රටවල්වල වෛරස ව්‍යාප්තිය සීඝ්‍රයෙන් පැතිර යාමේ අවදානමක් පවතිනවා.

බ්‍රසීලය තුළ ද මේ වන විට කොරෝනා වෛරසය පැතිර යමින් පවතිනවා. මෙවන් අවස්ථාවක බ්‍රසීල ජනපති ද නීති රිති නොතකා ක්‍රියාත්මක වීම නිසා ඔහුට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි වාර්තා වන්නේ.

බ්‍රසීල ජනපති කිසිදු අවස්ථාවක මුඛ ආවරණය නොපැළඳි අතර ප්‍රසිද්ධ ස්ථාන වෙත පැමිණීමේ දී මුඛ ආවරණ පළඳින ලෙස ඔහුට අධිකරණය විසින් පවා නියෝග කර තිබුණා. නමුත් ඔහු කිසිදු විටක මුඛ ආවරණ පැළඳුවේ නැහැ.

ඊයේ දිනයේ දී ජනාධිපතිවරයාට හතරවන වරටත් සිදු කළ කොරෝනා පරීක්ෂණයේ දී ඔහු කොරෝනා ආසාදිතයෙකු බව අනාවරණය වුණා.

පසුගිය දින කිහිපය තුළ ජනාධිපතිවරයාට කොරෝනා රෝග ලක්ෂණ පහළ වී තිබුණත් එය මද උණ ගතියක් ලෙසපවසා එම තත්ත්වය සැඟවීමට උත්සාහා කල ද අවසානයේ සිදු කළ පරීක්ෂණයෙන් ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu