gossiplanka alexa මාරවිල කාන්තාවගෙන් කොරෝනා දෙවන ‍රැල්ල මතුවෙයිද? කොළඹින් අහඹු පරීක්ෂණ ඇරඹේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මාරවිල කාන්තාවගෙන් කොරෝනා දෙවන ‍රැල්ල මතුවෙයිද? කොළඹින් අහඹු පරීක්ෂණ ඇරඹේ

https://www.gossiplanka.com/2020/07/corona-latest-update.html
මාරවිල කොරෝනා ආසාදිත කාන්තාව මඟින් මෙරට කොරෝනා දෙවැනි ‍රැල්ලේ පළමු පොකුර මතුවී ඇති බවට සැකයක් ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පවසනවා.

එබැවින් අහඹු ලෙස ‍තෝරා ගත් පිරිස් PCR පරීක්ෂණ සඳහා යොමු කළ යුතු බව ඒ මහතා පවසනවා. අඩුම වශයෙන් එසේ දිනකට අහඹු ලෙස ‍තෝරා ගත් පුද්ගලයින් 5000ක්වත් අනිවාර්යයෙන්ම පරීක්ෂා කළ යුතු බවයි සහකාර ලේකම්වරයා පවසන්නේ.

මේ අනුව කොළම නගර සභාව තීරණය කර ඇත්තේ අහඹු ලෙස තෝරා ගන්නා පුද්ගලයන් සඳහා කොරෝනා පරීක්ෂණ සිදු කිරීමටයි.

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ‍රැඳවියෙක් හරහා පැතිර යන වෛරසය ආසාදිත පුද්ගලයින්ගේ සමාජ සංසරණය කොතනින් පටන් ගත්තේ දැයි තවම නොදන්නා බවත් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා කියා සිටිනවා.

මේ අතර කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ‍රැඳවූවන් බැලීමට ගිය පුද්ගලයින් 119 දෙනෙකු මේ වන විට නිරෝධායනයට යොමු කර තිබෙනවා.

කන්දකාඩු මධ්‍යස්ථානයෙන් වෛරසය සමාජගත වීම වැළැක්වීම සඳහා උපරිම උත්සාහය ගන්නා බව යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu