කොරෝනා වෛරසය සුළඟින් ව්‍යාප්තවන බවට සැකයක්, පුළුල් පරික්ෂණ ආරම්භ කරයි

https://www.gossiplanka.com/2020/07/corona-spread-from-air.html
නව කොරෝනා වෛරසය සුළඟින්ද ව්‍යාප්ත විය හැකි බවට සාක්ෂි මතු වෙමින් තිබෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. මෙම සැකය පදනම් කරගන්මින් ඉන්දියාව මේ පිළිබඳව පුළුල් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

ඉන්දියාවේ කොරෝනා රෝගීන් වාර්තාවන ප්‍රවණතාවය අනුව මේ වන විට පුළුල් අධ්‍යයනයක් සිදු කරමින් පවතින බවයි වාර්තා වන්නේ.

මීට පෙර ලෝක සෞඛ්‍ය සංවිධානය පැවසුවේ වාතයෙන් නව කොරෝනා වෛරසය ව්‍යාප්තවීමක් සිදු නොවන බවයි. නමුත් මේ වන විට ඒ සම්බන්ධයෙන් සැකයක් මතුව තිබෙනවා.

ඉන්දියාවේ මේ වන විට කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින් ගණන 795,605ක් පමණ වනවා.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu