gossiplanka alexa පැල්මඬුල්ලේ නිවාස දෙකක පුද්ගලයින් නිරෝධායනයට, විහාරස්ථානයක හිමිවරුන් ද නිරෝධායනයට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පැල්මඬුල්ලේ නිවාස දෙකක පුද්ගලයින් නිරෝධායනයට, විහාරස්ථානයක හිමිවරුන් ද නිරෝධායනයට

https://www.gossiplanka.com/2020/07/pelmadulla-quarantine.html
පැල්මඩුල්ල ප්‍රදේශයේ නිවාස දෙකක පුද්ගලයින් සහ විහාරස්ථානයක හිමිවරුන් පස් නමක් නිරෝධායනය සඳහා යොමු කර තිබෙනවා. කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිට නිවාඩුවට නිවෙස් බලා පැමිණි නිලධාරීන් දෙදෙනෙක් හේතුවෙන් එම නිවෙස්වල පදිංචි පුද්ගලයින් නිරෝධායනයට යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.

පැල්මඩුල්ල සන්නස්ගම කිරිවැල්දෙනිය සහ පැල්මඩුල්ල නාරංගොඩ යන ප්‍රදේශවල නිවෙස් දෙකක් මෙසේ නිරෝධායනයට යොමු කර තිබෙනවා. කිරිවැල්දෙනිය නිවසට පැමිණි පුද්ගලයා එම ප්‍රදේශයේ විහාරස්ථානයකට ගොස් වැඩි වේලාවක් ‍රැඳී සිටීම හේතුවෙන් එම විහාරස්ථානයේ භික්ෂූන්වහන්සේලා පස් නමක් නිරෝධායනයට යොමු කර ඇති බව සඳහන්.

මේ වන විට නිවාඩුවට පැමිණ ඇති එම පුද්ගලයින් දෙදෙනා ආපසු කන්දකාඩු මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන මධ්‍යස්ථානය වෙත ආරක්ෂිතව යවා ඇති අතර ඔවුන්ගේ PCR පරීක්ෂණ ප්‍රතිඵල හෙට (11) දිනයේ දී ලබා දීමට නියමිත බවයි වාර්තා වන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu