gossiplanka alexa ක්‍රීඩාව නැති කොරොනා අස්සේ ක්‍රීඩකයින් මුදල් හෙව්වේ කොහොමද ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ක්‍රීඩාව නැති කොරොනා අස්සේ ක්‍රීඩකයින් මුදල් හෙව්වේ කොහොමද ?

https://www.gossiplanka.com/2020/06/sport-income.html
ව කොරෝනා වෛරසය ලොව පුරා පැතිරයාමත් සමඟ සියළුම රටවල් පාහේ වසා දැමුණා. එසේ රටවල් වසා දැමීමේ කාලසීමාව අතරතුර ලොව පුර පැවැත්වීමට නියමිත සියළුම ක්‍රීඩා තරඟ ද නතර කිරීමට සිදු වූ අතර ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ අදායම් තත්ත්වය ද පහළ යාමක් සිදු වුණා. එහෙත් මෙම කාලසීමාව අතර තුර දී ලොව වැඩියෙන්ම ආදායම් උපයාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ද සිටිනවා.

එයින් පළමු දස දෙනා අතර ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලි ද සිටිනවා. මාර්තු 12 වනදා සිට මැයි 14 වනදා දක්වා කාල සීමාව තුළ ඔහු උපයාගත් මුදල ස්ටර්ලින් පවුම් 379,294ක් බවයි වාර්තා වන්නේ. බොහෝ ව්‍යාපාරික ආයතන විසින් තම සන්නාම නාමයන් ජනතාව අතරට ගෙන යාම සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම් උපයෝගී කර ගත් අතර එම ගිණුම් හරහා තම සන්නාමයන් පිළිබඳන තොරතුරු ප්‍රකාශ කිරීම වෙනුවෙන් ඔවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ගෙවීම් කර තිබෙනවා. මේ හරහා තමයි ක්‍රීඩක ක්‍රීඩිකාවන් අදායම් උපයා ඇත්තේ.

විරාත් කෝලි මෙම මුදල උපයා ඇත්තේ ඔහුගේ ගිණුමෙහි පොස්ට් තුනක් පළ කිරීමෙන්.

මෙසේ වැඩිම මුදලක් උපයාගත් ක්‍රීඩකයා පෘතුගාලයේ සුපිරි පාපන්දු කී‍්‍රඩක කි‍්‍රස්ටියානෝ රොනාල්ඩෝ වන අතර ඔහු උපයාගත් මුදල ස්ටර්ලින් පවුම් මිලියන 1.8ක්. එහි දෙවන ස්ථානයේ පසුවන්නේ ආර්ජන්ටිනාවේ සුපිරි පාපන්දු කී‍්‍රඩක ලයනල් මෙසී වන අතර ඔහු උපයාගත් මුදල  ස්ටර්ලින් පවුම් මිලියන 1.2ක්.







ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu