gossiplanka alexa ''ලීසිං ණය වාරික සඳහා මාස 06ක සහනය අනිවාර්යයෙන් දිය යුතුයි'' - ජනාධිපති

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

''ලීසිං ණය වාරික සඳහා මාස 06ක සහනය අනිවාර්යයෙන් දිය යුතුයි'' - ජනාධිපති

https://www.gossiplanka.com/2020/06/president-statement-of-leasing-relief.html
හ බැංකු නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවෙන් අනතුරුව මහ බැංකුව විසින් ලබා දුන් සහන ජනතාවට ලබා දීමේ අවස්ථා සම්බන්ධයෙන් රාජ්‍ය බැංකුවල වගකීම පිළිබඳව ජනාධිපතිවරයා පැහැදිලි කර තිබෙනවා. ඊයේ (17) අප්ස්වරුවේ දී ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී මෙම පැහැදිලි කිරීම් සිදු කලා.

ඒ පිළිබඳව ජනාධිපතිතුමාගේ ෆෙස්බුක් නිල පි‍ටුවෙහි තැබූ සටහනයි මේ.

-උපුටා ගැනීම-
මහබැංකුව දුන් සහන ආර්ථිකයත්, ජනතාවත් ශක්තිමත් කිරීමට භාවිත කිරීම රාජ්‍ය බැංකුවල වගකීම බව මහජන බැංකුවේ ක්‍රියාකාරීත්වය විමර්ශනය කරනු පිණිස අද (17) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී මම සදහන් කළෙමි.


ගෝලීය වසංගතයෙන් ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල වී තිබේ. අර්බුදය ජය ගැනීමට කෘෂිකාර්මික, සුළු හා මධ්‍ය පරිමාණ ඇතුළු සියලු ව්‍යාපාර ක්ෂේත්‍රවලට ඝෘජුව සහාය වෙමින් ඒවා නගාසිටුවීම කළයුතුය. මහබැංකුව සමග පැවති සාකච්ඡාවෙන් පසු රටේ ආර්ථිකය පුනරුදයට අවශ්‍ය පරිසරය සැකසීමේ අවස්ථාව රාජ්‍ය බැංකු වෙත පැවරී තිබේ. රටේ ආර්ථික අභිවෘද්ධිය පිණිස සාම්ප්‍රදායික රටාවෙන් බැහැරව අලුත් සංවර්ධන වැඩපිළිවෙළක් ඇතිව ක්‍රියාකළ යුතු බව මාගේ විශ්වාසයයි.

මුදල් රට පුරා සංසරණය විය යුතු අතර නියම ගනුදෙනුකරු සහ ව්‍යාපාරය හඳුනාගෙන ණය නිකුත් කිරීම රට පුරා විසිරී ඇති මහජන බැංකු ශාඛා 600කට පැවරී ඇති වගකීම වේ. එහි පසුවිපරමට සියලු කළමනාකරුවන් බැඳී සිටිය යුතු බව තවදුරටත් මම අවධාරණය කළෙමි.

බැංකුව ගමට ගෙන යාමට මෙය අවස්ථාවක් කරගත යුතුය. මේ මුදල් භාණ්ඩ ආනයනය සඳහා ණය වශයෙන් නොදිය යුතු බව මම අවධාරණය කළෙමි.

ලීසිං ණය වාරික සඳහා දුන් මාස 06ක සහනය අදාළ පාර්ශ්වයන්ට අනිවාර්යයෙන් දිය යුතුය. ඉදිකිරීම් කර්මාන්තයටද ප්‍රමුඛත්වය දීම අවශ්‍ය වෙයි. මධ්‍ය ආදායම් ලාභීන්ගේ නිවාස අවශ්‍යතාව නාගරික සංවර්ධන අධිකාරිය සමග එක්ව සපුරාලීමට අවස්ථාව මහජන බැංකුවට විවෘත ඇත.

ගතවූ මාස 08 තුළ මහජන බැංකුව ක්‍රියාත්මක කළ ව්‍යාපෘති පිළිබඳව සභාපති සුජීව රාජපක්ෂ මහතා මා දැනුවත් කළේය.

ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, මුදල් ලේකම් එස්.ආර්. ආටිගල, සාමාන්‍යාධිකාරි බොනිෆස් සිල්වා, මහජන බැංකුවේ සහ පීපල්ස් ලීසිං ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩල ඇතුළු ඉහළ කළමනාකරීත්වය සාකච්ඡාවට එක්ව සිටියහ.

-උපුටා ගැනීම අවසන්-

මහ බැංකුවෙන් රටේ ආර්ථිකය පණගැන්වීම උදෙසා ලබා දුන් සහන පිළිබඳ ජනාධිපති මාධ්‍ය අංශ නිවේදනය



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu