gossiplanka alexa සුෂාන්ත් සිං ට ජීවිතය එපා කරවූයේ කවුද?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සුෂාන්ත් සිං ට ජීවිතය එපා කරවූයේ කවුද?

https://www.gossiplanka.com/2020/06/blog-post_18.html
"කවුද මේ ඉන්දියන් නළු බට්ටෙක් මැරිලයි කියන්නේ? කොහේ හිටපු එකෙක්ද? මං නං දැක්කෙත් අදයි."

සුෂාන්ත් සිං රාජ්පුත්ගේ මරණයත් එක්ක ලංකාවේ ෆේස්බුක් ටයිම්ලයින් වල මතු වුණු ස්ටේටස් අතරින් බාගෙට බාගයක් මෙන්න මේ අදහස එක්ක පෝස්ට් වෙලා තිබ්බා. ඔව්, ඒක ඇත්ත. ගොඩක් අය සුශාන්ත් ව දන්නේ නෑ. දැකලත් නෑ. එයා ඉන්න ෆිල්ම්ස් බලලත් නෑ. 

බලන්නේ කොහොමද, එයාට ලැබෙන්න තිබ්බ ෆිල්ම්ස් ඔක්කොම කපලා දාලා, එයාව කොන් කරලා, හලලා දාලා, ෆීල්ඩ් එක එපා වෙන තැනට බොලිවුඩ් දැවැන්තයෝ වැඩ කටයුතු සළස්වලා තියෙනකොට?
සුයිසයිඩ් කරගන්න හැමෝම වැටෙන්නේ ඩිප්‍රෙෂන් තිබ්බා කියන කැටගරි එකට. ඒක වැරදි මතයක්. නමුත් සුශාන්ත්ගේ මරණයට හේතුව එයාගේ ඩිප්‍රෙෂන් තත්ත්වය කියන එක හෙළි වෙලා තියෙනවා. එයාට ඩිප්‍රෙස් වෙන්න මොනාද තිබුණු ප්‍රශ්න කියන එක තාම හරියට නිර්ණය කරගෙන නැති මොහොතක, කන්ගනා රනෝට්ගේ වීඩියෝ එකක් එකපාරම රිලීස් වෙනවා සෝෂල් මීඩියා වලට. සුශාන්ත් සුයිසයිඩ් කරගත්තේ නෑ, සුශාන්ත්ව මැරුවේ බොලිවුඩ් ඉන්ඩස්ට්‍රි එකෙන්, මේක ප්ලෑන්ඩ් මිනීමැරුමක් කියලා කන්ගනා බරපතල ස්ටේට්මන්ට් එකක් දෙනවා. 'Gully Boy' එකට නාන්න සම්මාන ලැබෙද්දී 'Chhichhore' ෆිල්ම් එක ගැන කිසිම රෙකග්නීෂන් එකක් නැත්තේ ඇයි කියන එක කන්ගනා ප්‍රශ්න කරනවා.

මෙතනදී ප්‍රධානම චෝදනාව එන්නේ කරන් ජෝහර්ට සහ යෂ්රාජ් ෆිල්ම්ස් කම්පනි එකට. ආදිත්‍ය චෝප්රා කොහොමත් කරන්ගේ යාළුවා නිසා කරන් මැදිහත් වෙලා යෂ්රාජ් මිනිස්සුන්ගේ ඔළුවට විසබීජ දැම්මා කියන දේ දැන් කතා වෙනවා. බොලිවුඩ් වලට අලුතෙන් එන කොල්ලෝ හිට් වෙන්න නම් කරන් එක්ක යහන්ගත වෙන එක අනිවාර්යයයි කියන ප්‍රසිද්ධ රහසට සුශාන්ත් එකඟ නොවුණාවත් ද කියන කාරණය දැන් හොයන්න පටන් අරගෙන තියෙනවා. රන්වීර් ඉන්න 'Befikre' ෆිල්ම් එක බලලා තියෙනවද? ඒක ලැබෙන්න තිබිලා තියෙන්නේ සුශාන්ත්ට. සුශාන්ත් යෂ්රාජ් එකෙන් කලින් ආව ෆිල්ම් ඔෆ'ස් දෙකකට බෑ කියලා තියෙනවා. ඒකේ තරහ පිරිමහන්න එයාට ලැබෙන වැඩ නවත්තන්න යෂ්රාජ් එකෙන් තීරණය කරලා. කරන් ඒකට පිදුරු දාලා.

'ගලී බෝයි' වෙනුවෙන් ෆිල්ම්ෆෙයා සම්මාන දහතුනක් අරගෙන රෙකෝඩ් එකක් තියන්න පුළුවන් වුණේ කරන්ගේ මැදිහත් වීමෙන් කියන එක පැහැදිලියි. මොකද රිතික්ගේ 'Super 30', ආක්ෂේගේ 'Kesari' සහ සුශාන්ත්ගේ 'Chhichhore', 'Sonchiriya' වගේ ෆිල්ම්ස් එක්ක තියද්දී ගලී බෝයිට මේ තරම් සම්මාන ලැබෙන්න කොහෙත්ම විදිහක් නෑ. ගලී බෝයි ඉතාම හොඳ ෆිල්ම් එකක්, නමුත් සම්මාන දහතුනක් ලැබෙන්න තරම් දෙයක් ඒකේ තිබුණේ නෑ. ඒ සම්මාන ඇගයීම සිද්ධ වුණේ කරන් ජෝහර්ගේ මැදිහත් වීමෙන්, මොකද කරන් නිතරම ආලියා භට්ව, රන්වීර් සිංව හයිලයිට් කරන්න මහන්සි වෙන නිසා. සුශාන්ත් අන්තිමට කරපු 'Sonchiriya' ෆිල්ම් එක ගැන ෆෑන්ස්ලා ඇවිත් එයාගේ ඉන්ස්ටග්‍රෑම් අකවුන්ට් එකේ කමෙන්ට් කරනවා, "ඔයා මැරෙන රෝල් එකක් බලන්න අපි කැමති නෑ" කියලා. එතකොට සුශාන්ත් රිප්ලයි කරනවා, "මේ ෆිල්ම් එක කොහොමහරි හෝල් එකට ගිහින් බලන්න, මේක වැඩ කළේ නැත්තං මට ආයෙ බොලිවුඩ් වලින් වැඩ ලැබෙන්නේ නෑ, මොකද මාව පරිස්සම් කරන්න බොලිවුඩ් වල ගෝඩ්ෆාද' කෙනෙක් නෑ, ෆෑන්ස්ලා තමයි මගේ ගෝඩ්ස්ලා, ෆාද'ස්ලා" කියලා. ආලියා වගේ අය ඔය තැන ඉන්නේ කරන් ජෝහර්ගේ සපෝට් එක නිසා කියන එක හැමෝම දන්නවා.

ඉන්දියාවේ ඉන්න බොහොම ප්‍රසිද්ධ විචාරකයෙක් තමයි කමාල් ආර් ඛාන්. එයාට කිසිම නළුවෙක්ගේ නිළියකගේ තරාතිරමක් වැඩක් නෑ ෆිල්ම් එක ගොන් නං කෙළින්ම කියලා දානවා ෆිල්ම් එක ගොන් කියලා. කමාල් පෙබරවාරි වල ට්වීට් එකක් දාලා තියෙනවා ධර්ම ප්‍රඩක්ෂන්ස්, යෂ්රාජ්, ටී සීරීස්, සජිඩ් නඩියඩ්වාලා, දිනේෂ් විජන්, සල්මාන් ඛාන්, බලාජි වගේ ආයතන සහ චරිත, සුශාන්ත්ව බොලිවුඩ් වලින් බෑන් කරලා දැම්මා, එයාට දැන් ටීවී සහ වෙබ් සීරීස් විතරයි කරන්න පුළුවන් කියලා. බොලිවුඩ් වල ජ්‍යෙෂ්ඨ ඩිරෙක්ට' කෙනෙක් වෙන ශේකර් කපූර් 'Paani' කියලා ෆිල්ම් එකක් කරන්න හිටියා ඉන්දියාවේ ජල ගැටළු ගැන. ප්‍රධාන නළුවා සුශාන්ත්. සල්ලි දැම්මේ යෂ්රාජ් එකෙන්. හිටිහැටියේම යෂ්රාජ් එක ෆිල්ම් එකෙන් ගැලවිලා යනවා. ශේකර් කපූර් අතරමං වෙනවා. ඉන්දියාවෙන් බැරි නං පිටරට ප්‍රඩියුස' කෙනෙක් දාලා හරි ඒ ෆිල්ම් එක කරනවා කියලා ශේකර් කපූර් කිවුවා. එච්චරම තමයි.

කොහොමත් ඔය තැන හදනවා කියලා ඇඩ් ගහන තැන් වල තැන දෙන්නේ ලොක්කෝ කැමති අයට මිසක් ටැලන්ට් එකට නෙවෙයි. එක්ස්පීරියන්ස් එකෙන් මම කියන්නේ. බොලිවුඩ් වලටත් එහෙම නොවී තිබුණොත් තමයි පුදුමේ. ෆිල්ම්ස් තරම් බොලිවුඩය සුන්දර නෑ කියන කාරණය දරුණු හෙළිදරව්වක් විදිහට සුශාන්ත්ගේ අකල් මරණයත් එක්ක ඔප්පු වුණා. බොලිවුඩ් දැන් රන් වෙන්නේ කිහිපදෙනෙක්ගේ අජෙන්ඩා එකට අනුව. ඒකෙනුත් මහා මොළකරු වෙන්නේ කරන් ජෝහර්. එයාව ප්ලීස් කරන අයට විතරයි යමක් කරගෙන ඉන්න පුළුවන්. නැත්තං තරු දරුවෙක් වෙන්න ඕනේ. ආලියා භට්, අර්ජුන් කපූර්, වරුන් ධවාන් වගේ අය කරන්ගේ බ්ලෙසිං එකත් එක්ක පරිස්සම් වෙලා ඉන්න තරු දරුවෝ. නමුත් අලුත් ටැලන්ට් වලට එන්න තියෙන චාන්සස් ඇහිරිලා. පවුල්වාදය හොඳටම වැඩිලා දැන් බොලිවුඩය හරිම දූෂිත තැනක් වෙලා. ආයුෂ්මන් කුරානා කියන්නේ වර්තමානයේ ඉන්න දක්ෂතම නවක නළුවෙක්. මං ඉස්සෙල්ලාම ආයුෂ්මන් ඉන්න ෆිල්ම් එකකට බැලුවේ ජෝන් ඒබ්‍රහම් හදපු 'Vicky Donor' ෆිල්ම් එක. ශුක්‍රාණු බැංකුවට තමන්ගේ ශුක්‍රාණු දෙන තරුණයෙක් ගැන නියම ෆිල්ම් එකක්. පස්සේ 'Andhadhun', 'Bala' වගේ සුපිරි ෆිල්ම්ස් දක්වා ඇවිත් අද තමන්ගේම වෙනම විදිහක් හදාගෙන ස්ථාවර වෙලා ඉන්නවා. ආයුෂ්මන් 'කොෆී විත් කරන්' එකට ඇවිත් මරු කතාවක් කියනවා. එයා ඉස්සර එෆ් එම් රේඩියෝ හෝස්ට් කෙනෙක්. 2007 දී එක සම්මාන සෙරමනියක් ඉවර වෙලා කරන්ව මුණගැහිලා "මට නළුවෙක් වෙන්න ආසයි සර්, නම්බ' එක දෙන්න පුළුවන්ද?" කියලා අහලා. කරන් ධර්ම එකේ ලෑන්ඩ්ලයින් එක දීලා. පහුවෙනිදා කෝල් එකක් දුන්නාම ධර්ම එකේ වැඩ කරන කෙනෙක් උත්තර දීලා, "අපි අවුට්සයිඩ'ස්ලා, නිව්කම'ස්ලාගේ ඔඩිෂන් කරන්නේ නෑ" කියලා. අද ආයුෂ්මන් සාර්ථක නළුවෙක්. කරන් ඒකට උත්තර දෙනවා, "අඩු තරමේ මං ඔයාට ඇත්ත නම්බ' එක හරි දුන්නනේ, ඔයාට යමක් පුළුවන් කියන එක තේරුණ නිසයි මම ඒක හරි දුන්නේ" කියලා. සුශාන්ත් ධර්ම එකට ගියාමත් උත්තරේ ලැබිලා තියෙන්නේ, "අපි පොඩි නළුවෝ එක්ක වැඩ කරන්නේ නෑ" කියලා. කොෆී එකේ රැපිඩ් ෆය' රවුන්ඩ් එකේදී සුශාන්ත් ගැන කියද්දී සෝනම් කපූර් කියනවා මම සුශාන්ත්ගේ එක ෆිල්ම් එකක්වත් බලලා නෑ කියලා. ආලියා අහනවා කවුද සුශාන්ත් කියන්නේ කියලා. සමහරවිට ඇත්තටම ඒ අයට සුශාන්ත්ගේ ෆිල්ම්ස් බලන්න වෙලාවක් නැතුව ඇති. නැත්නම් ඕනකමින්ම මඟඇරියා වෙන්නත් ඇති.

ගිහින් බලන්න කරන් ජෝහර්ගේ ඉන්ස්ටග්‍රෑම් අකවුන්ට් එකට. අනාථ සාගරයක්. සුශාන්ත් ගැන දාපු පෝස්ට් එකට ලෝකෙ වටෙන්ම කරන්ට "කුත්තා, කමීනා, සාලා" කියලා කුණුහරුපෙන් බැනලා කමෙන්ට්ස් දානවා. මං කලින් බලද්දී තිබ්බ කමෙන්ට්ස් දැන් ඩිලීට් කරලා. ඒත් තාමත් මිනිස්සු දිගින් දිගටම කමෙන්ට් කරනවා. රන්වීර් සිං ඉන්ස්ටග්‍රෑම් එකේ දාලා තිබ්බේ මම සුශාන්ත් ගැන දාපු පෝස්ට් එකට ගත්ත ෆොටෝෂූට් එකේම වෙන ෆොටෝ එකක්. ඒකට කැප්ෂන් එක විදිහට දාලා තිබ්බේ හාට්බ්‍රෝකන් කියලා පෙන්නන මේ 💔 ඉමෝජි එක විතරයි. මිනිස්සු ඒ පෝස්ට් එකෙත් බනිනවා වචනයක් වත් ලියන්න බැරි තරම් ගිල්ටි ද කියලා. රන්වීර්ගේයි දීපිකාගෙයි වෙඩිං එකට සුශාන්ත්ට ඉන්වයිට් කරලා නෑ. ආලියා රැපිඩ් ෆය' එකේ දීපු උත්තරේටත් මිනිස්සු ට්‍රිග' වෙලා ආලියාගේ අකවුන්ට්ස් ටිකත් කමෙන්ට් වලින් වැහිලා. ඉස්සර ඉඳන්ම එයාව හළලා දැන් මෙතන සෝෂල් මීඩියා ඇතුළේ කිඹුල් කඳුළු හලන්න එපා කියලා හැමෝම බනිනවා. ගොඩක් බොලිවුඩ් වැඩ වලට සුශාන්ත්ට අඬගහලා නෑ. අන්තිමට එයාව ශෝට් ෆිල්ම්ස්වලටයි ටීවී සහ වෙබ් සීරීස්වලටයි ලිමිට් කරලා. නමුත් සුශාන්ත්ට තිබ්බා වෙන දොරක් ඇරගන්න තීරණයකට යන්න. ඉස්සරහට කොහොමත් වෙබ් සීරීස් තමයි ඉතුරුවෙන්නේ. ඒ නිසා ඒක ස්ටාට් එකක් කරගෙන වෙබ් වැඩ ටිකක් පටන්ගත්තා නම්, අනිත් අය එතනට එනකොට තමන්ගේ තැන හදාගෙන ස්ථාවර වෙලා ඉන්න තිබුණා. නමුත් හදිසි තීරණය ගත්ත එක ගැන දැන් අපි මුකුත් කියලා තේරුමක් නෑ. සුශාන්ත්ගේ නෑනා සුශාන්ත් නැතිවුණු නිසා හිතේ අමාරුවටම නැති වෙලා.

විමුක්ති ජයසුන්දර කාන්ස් ෆිල්ම් ෆෙස්ටිවල් එකට ෆිල්ම්ස් දාන එක ගැන ශාරුක් ඛාන් විරුද්ධ වුණා කියලා විමුක්ති කියලා තියෙනවා. පිටින් ආව කෙනෙක් විදිහට විමුක්තිව හංවඩු ගහලා. ප්‍රසිද්ධ කෙනෙක් අළලා සිද්ධ වුණු නිසා සුශාන්න්ගේ සිද්ධිය ලොකු නිව්ස් එකක් වුණා. නමුත් මේ විදිහට හීන අතරමඟ අතෑරලා දාපු ටැලන්ටඩ් මිනිස්සු ඕනම ෆීල්ඩ් එකක, ඕනම රටක ඉන්නවා. මොන දේ වුණත් තමන්ට අවශ්‍ය දේ කරගන්න කාගෙන යන්න පුළුවන් මානසිකත්වය හදාගන්න. වෙන එග්සාම්පල් ඕන්නෑ, ස්ටීව් ජොබ්ස් බලන්න, තමන් හදපු ඇපල් කම්පැනියෙන්ම තමන්ව එළවලා දැම්මාම, NExT කියලා අලුතෙන් කම්පියුට' කම්පනියක් පටන් ගත්තානේ. ඒ වගේම Pixar එකට සල්ලි දාලා ඒක වෙනම පැත්තකට හැරෙව්වනේ. ඒ හින්දානේ අද අපිට 3D ඇනිමේෂන් ෆිල්ම්ස් තියෙන්නේ. අන්තිමට ස්ටීව්ව ආපහු ඇපල් එකට ගෙන්නන්න සිද්ධ වුණා. පෙරළුණු පිට හොඳයි කියලා එතනින් එහාට අලුත් ගමනක් යන්න. සුශාන්ත්ට ඒ කැපිල්ල දරාගන්න බැරිවුණා. මේක කියවන ඔයා එහෙම වෙන්න එපා. කැපිලි වලට ඔරොත්තු දෙන තරමට හම ගොරෝසු කරගන්න.

- ෂෙනාල් ගුණසේකර -

අන්තර්ජාලය ඇසුරිණි
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu