Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Advertisement

YOUR EXISTING AD GOES HERE

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

https://www.gossiplanka.com/2020/06/corona-spread-in-toilet.html
මිනිස් ආහාර ජීරණය පද්ධතිය තුළ කොරෝනා වෛරසය නොනැසී පැවතීම නිසා මිනිස් මළ, මුත්‍ර සමඟ එම වෛරසය පිටවීමේ හැකියාවක් ඇති බව පර්යේෂකයින් අනතුරු අඟවා තිබෙනවා. මේ හේතුව නිසා කොවිඩ් -19 වෛරසය වැසිකිළි හරහාද ව්‍යාප්ත විය හැකි බවයි ඔවුන් කියා සිටින්නේ.

වැසිකිළි ජලය මුදා හැරීමේ දී පියවි ඇසට නොපෙනෙන ජල බිඳිති වාතයට මුසු වී ඒවා වාතයේ ‍රැඳී තිබීම හේතුවෙන් එම ජල බිඳිති හරහා නව කොරෝනා වෛරසය මිනිස් සිරුරට පහසුවෙන් ඇතුල්විය හැකි බව පර්යේෂකයින් කියා සිටිනවා.

මේ හේතුව නිසා වැසිකිළි ගොස් ජලය මුදා හැරීමේ දී වැසිකිළි පියන වසා තබා ජලය මුදා හරින ලෙසයි පර්යේෂකයින් උපදෙස් දෙන්නේ. කාර්යාලයීය වැසිකිළි මෙන්ම පොදු වැසිකිළි භාවිතයේ දී වඩාත් සැලකිලිමත්වන ලෙස ඔවුන් උපදෙස් ලබා දෙනවා.

චීනයේ  Yangzhou සරසවියේ පර්යේෂක කණ්ඩායමක් විසින් සිදුකළ අධ්‍යයනයකදී මෙම තොරතුර සොයාගෙන තිබෙනවා.




Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page