gossiplanka alexa ධීවරයින් සමඟ සුහද වූ ඉන්දියානුවන් රහසිගත ලෙස උතුරට, යාපනයේ ජනතාව භීතියෙන්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ධීවරයින් සමඟ සුහද වූ ඉන්දියානුවන් රහසිගත ලෙස උතුරට, යාපනයේ ජනතාව භීතියෙන්

https://www.gossiplanka.com/2020/06/jaffna-corona_18.html
මේ දිනවල මුළු උතුරේම ජනතාව කොරෝනා දෙවන ‍රැල්ලක් ගැන බියකින් පසුවන බව උතුරු නැගෙනහිර ධීවර සහයෝගිතාවයේ සම්බන්ධීකාරක ඇන්ටන් ජේසුදාසන් මහතා පවසනවා. උතුරේ එසේ කොරෝනා දෙවන ‍රැල්ලක් ඇතිවුවහොත් එය මුළු රටටම ඉතා භයානක ලෙස බලපාන බව ඔහු පවසනවා.

උතුරේ ධීවර කටයුතු සඳහා යන ධීවරයින් ඉන්දියාවේ සිට උතුරු මුහුදට පැමිණෙන ධීවරයින් සමඟ සබඳතා පැවැත්වීම මඟින් මෙසේ කොරෝනා දෙවන ‍රැල්ලක් ආරම්භවනු ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ. ඉන්දියාවේ සිට පැමිණෙන ධීවරයින් ලංකාවේ ධීවරයින් දැන හඳුනගෙන ඔවුන් සමඟ කල් ගෙවන බවත් එය බොහොම අවදානම් සහගත තත්ත්වයක් බවත් ඇන්ටන් මහතා කියා සිටිනවා.

ඉන්දියාවේ දරුණු ලෙස වෛරසය පැතිර යමින් තිබෙන මෙවන් මොහොතක ඉන්දියාවේ ධීවරයින් සහ සාමාන්‍ය වැසියන් ඉතා රහසිගත ලෙස උතුරට ඇතුල්වීම මඟින් යාපනයේ වැසියන්ට ඉතා අවදානම් තත්ත්වයක් ඇති වී ඇති බවයි  උතුරේ ධීවර සංගම් නියෝජිතයින්ද පවසා සිටින්නේ.




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu