gossiplanka alexa කොරෝනා ආසාදිත මගියෙක් කටාර් වලින් ක‍ටුනායකට හරවා එවයි, මෙරට තවත් කොරෝනා පොකුරක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොරෝනා ආසාදිත මගියෙක් කටාර් වලින් ක‍ටුනායකට හරවා එවයි, මෙරට තවත් කොරෝනා පොකුරක්

https://www.gossiplanka.com/2020/06/corona-passenger-return-from-qatar.html
සුගිය 17 වන දින ඉන්දියාවේ මුම්බායි නිවරසිට ඉන්ඩිගෝ ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් මගින් පුද්ගලයින් 69 දෙනෙකු ක‍ටුනායක ගුවන් තො‍ටුපල වෙත ගෙනැවිත් තිබුණා. එම පුද්ගලයින්ගෙන් 54 දෙනෙකු කොළඹ වරායේ නැංගුරම් ලා ඇති නැවක සේවයට යොමු කර ඇති අතර ඉතිරි 15 දෙනා කටාර් ගුවන් යානයකින් කටාර් දේශයේ දෝහා බලා පිටත්ව ගොස් තිබුණා.

එසේ කටාර් බලා ගමන් ගත් මගීන්ගෙන් එක පුද්ගලයෙකුට කොරොනා වෛරසය ආසාදිත යැයි දෝහා ගුවන් තො‍ටුපලේ දී අනාවරණය කර ගෙන තිබෙනවා. ඒ සමඟම ඔහු පැමිණි ගුවන් යානයෙන්ම ඔහුව නැවත ක‍ටුනායක ගුවන් තො‍ටුපල වෙත හරවා එවීමට දෝහා ගුවන් තො‍ටුපල බලධාරීන් කටයුතු කර තිබෙනවා. එසේ සිදු කර ඇත්තේ ජාත්‍යන්තර ගුවන් ගමන් නීතිය අනුවයි. එම නීතිය අනුව මෙවන් අවස්ථාවක අදාළ ආසාදිත පුද්ගලයින් නැවත එම ගුවන් යානයෙන්ම හරවා එවීමට නීතියෙන් අවසර දී තිබෙනවා.

ඒ අනුව අද (19) අළුයම මෙම පුද්ගලයා ක‍ටුනායක ගුවන් තො‍ටුපලවෙත ළඟා වී ඇති අතර ඔහුව නැවතත් ඉන්දියාව බලා පිටත්කර යැවීමට ඉන්ඩිගෝ ගුවන් සේවයේ ගුවන් යානයක්  එම මෙරට තිබී නොමැති බැවින් එම මගියා ප්‍රතිකාර සඳහා Iධ්‍රෝහල වෙත යොමු කර තිබෙනවා.

මෙම පුද්ගලයා ඉන්දීය ජාතික නාවිකයෙකි.

මේ අතර ඩුබාහි සිටපැමිණි 22 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදිත යැයි හඳුනා ගැනිමත් සමඟම මෙරටින් තවත් කොරෝනා පොකුරක් වාර්තා වුණා.











ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu