gossiplanka alexa 2011 ක්‍රිකට් ලෝක කුසලානය පරාජයෙන් පසු ක්‍රිකට් පරිපාලන මණ්ඩල නිලධාරීන් මෝටර් රථ සමාගමක් මිලට ගත්තා - ක්‍රිකට් තරඟය පාවාදීම ගැන ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

2011 ක්‍රිකට් ලෝක කුසලානය පරාජයෙන් පසු ක්‍රිකට් පරිපාලන මණ්ඩල නිලධාරීන් මෝටර් රථ සමාගමක් මිලට ගත්තා - ක්‍රිකට් තරඟය පාවාදීම ගැන ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා 2011 වසරේ දී පැවති ක්‍රිකට් ලෝක කුසලානයේ අවසන් මහා තරඟය මුදලට පාවා දුන් බවට  එක්තරා මාධ්‍ය සාකච්ඡාවක දී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කලා, ඔහු එහිදී කියා සිට්යේ එම තරඟය ජයග්‍රහණය කිරීමට අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායම සතුව තිබියදීත් එය පාවා දුන් බව තමන්ට හැ‍ඟෙන බවයි.

එසේම ඔහු ඉංග්‍රීසි පුවත්පතක මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමින් කියා සිටියේ 2011 ලෝක කුසලාන පරාජයෙන් පසු ක්‍රිකට් පරිපාලන මණ්ඩලයේ නිලධාරීන් මෝටර් රථ අලෙවි කරන සමාගමක් ද මිල දී ගත් බවයි. අවසන් මහා තරඟයේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිදු කළ වෙනස්කම් ක්‍රීඩා ඇමතිවරයා ලෙස තමන් දැනගැනීමටත් පෙර ඉන්දීය මාධ්‍ය දැන සිටි බවත් ඔහු කියා සිටිනවා. තමන්ට මෙම තරඟය පාවාදීම සම්බන්ධයෙන් ප්‍රබල සාක්ෂි ඇති බවත් හිටපු ඇමතිවරයා ප්‍රකාශ කලා.

මහින්දානන්ද මහතාගේ මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශයත් සමඟම හිටපු ක්‍රිකට් තරු තම ට්විටර් ගිණුම් හරහා ප්‍රකාශයන් නිකුත් කරමින් කියා සිටියේ එවන් පාවා දීමත් සිදු වී ඇත්නම් ඒ පිළිබඳ විමර්ශනය සිදු කරන ලෙසයි. හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් කියා ඇත්තේ එසේ තරඟ පාවා දීම සම්බන්ධයෙන් සාක්ෂි සහ නම් ඇත්නම් ඒවා හෙළි කරන ලෙසත් මේ ආරම්භ වී ඇත්තේ මැතිවරණ සර්කස් බවත් ලෙසයි.



එසේම එවක එක්දින කණ්ඩායමේ නායකා වූ කුමාර් සංගක්කාර තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් කියා ඇත්තේ 2011 අවසන් මහා තරඟයේ යම් පාවාදීමක් සිදුව ඇති බව යම් පාර්ශවයක් විසින් චෝදනා කරන්නේ නම් එම පාර්ශවය ඒ බව සනාථ කරන සාක්ෂි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට ඉදිරිපත් කළ යුතු බවයි. 



කෙසේ වෙතත් මහින්දානන්ද අළුත්ගමගේ මහතා උක්ත සාකච්ඡාවලදී කියා සිටියේ මෙම පාවාදීමට ක්‍රීඩකයින්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවයි.

අලුත්ගමගේ මහතාගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ද තම ට්විටර් ගිණුමේ සටහනක් තබා තිබෙනවා. මෙම තරඟ පාවාදීමේ චෝදනාව සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යාංශය සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අපක්ෂපාතී විමර්ශනයක් සිදු කළ යුතු බවත් මෙවැනි චෝදනා බරපතල වන අතර සැවොම ආදරය කරන කි‍්‍රකට් කී‍්‍රඩාවේ ප‍්‍රතිරූපයට ද මෙය කැළලක් ඇති කරන බවත් ඔහු එම සටහනේ කියා තිබෙනවා. 


මේ අතර ක‍්‍රීඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ උපදෙස් පර්දි මෙම තරඟ පාවා දීම සම්බන්ධයෙන් කළ ප්‍රකාශය පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන බව නවතම තොරතුරු වාර්තා වනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu