gossiplanka alexa 26 වනදා සිට ලංකා ගමනාගමන බස් රථ සේවා ක්‍රියාත්මක වන ආකාරය

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

26 වනදා සිට ලංකා ගමනාගමන බස් රථ සේවා ක්‍රියාත්මක වන ආකාරය

https://www.gossiplanka.com/2020/05/bus-service-since-26.html
ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා  ලංකා ගමනා ගමන මණ්ඩලයට  හා ලංකා ගමනා ගමන කොමිසමට උපදෙස් ලබා දී ඇත්තේ එළඹෙන 26 වන අඟහරුවාදා දින සිට කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු පළාත් අතර  අන්තර් පළාත් බස් රථ සේවා ආරම්භ කරන ලෙසයි. ඒ අනුව ලබන අඟහරුවාදා සිට කොළඹ හා ගම්පහ හැර අනෙකුත් දිස්තිස් අතර බස් රථ සේවා ආරම්භ කිරීමට ලංකා ගමනා ගමන මණ්ඩලය  හා ලංකා ගමනා ගමන කොමිසම පියවර ගෙන තිබෙනවා.


මෙසේ ආරම්භ වන බස් රථ සේවා සියල්ල සෞඛ්‍ය අංශ විසින් රජයට දී ඇති උපදෙස් අනුගමනය කළ යුතු වනවා. මෙම සේවාවන් යටතේ මාර්ගපහක් ඔස්සේ බස් රථ කොළඹට පැමිණෙන නමුත් බස් රථ කොළඹ දක්වා ධාවනය වන්නේ නැහැ. ඒ අනුව, කොළඹ-නුවර මාර්ගයේ පැමිණෙන බස් රථ ධාවනය නිට්ටඹුවෙන් ද, කොළඹ 05 පාරේ පැමිණෙන බස් රථ මිනුවන්ගොඩින් ද, ගාලුපාරෙන් පැමිණෙන බස් රථ පානදුරින් ද, අවිස්සාවේල්ල හරහා කොළඹට හයිලෙවල් හා ලෝ ලෙවල් පාරෙන් පැමිණෙන බස් රථ අවිස්සාවේල්ලෙන් ද,  අනුරාධපුර - පුත්තලම  හා  කුලියාපිටිය සිට මීගමුව පාරෙන් කොළඹට එන බස් රථ මීගමුවෙන් ද, දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිට පැමිණෙන බස් රථ කොට්ටාවෙන් ද ධාවනය නතර කළ යුතු වනවා.

මෙසේ දියත්වන සියළු බස් රථ සේවාවන් උදෑසන 4.30ට ආරම්භ වී පස්වරු 6ට අවසන් වනවා.    



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu