gossiplanka alexa අප්‍රේල් 25 වන විට සුභ ආරංචියක් - හමුදාපති, මැයි මුල වන විට බරපතල තත්ත්වයක් - GMOA

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අප්‍රේල් 25 වන විට සුභ ආරංචියක් - හමුදාපති, මැයි මුල වන විට බරපතල තත්ත්වයක් - GMOA

gossip news
කොරෝනා වෛරසයෙන් වැඩිම අවදානමක් ඇති වූයේ එම වෛරසය ව්‍යාප්තියෙන් 04,05 සහ 06 වන සතිවල බවත් දැන් ලංකාව සිටින්නේ 05 වන සතියේ නිසා අප්‍රේල් මස 25 වැනිදා වන විට රටටම යම් සුබ ආරංචියක් ලබාදීමට හැකිවනු ඇති බවත්  යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.ඒ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ඒ සඳහා දැඩි පරිශ්‍රමයකින් කටයුතු කරන සෞඛ්‍ය අංශ, යුද හමුදාව, පොලිසිය ඇතුළු සියලු කණ්ඩායම් වලට උපරිම සහයෝගය දෙන ලෙසත් ඉදිරි සති දෙක ඇතුළත නිවාසවලටම වී සිටිමින් සියළු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම පිළිපඳින ලෙසත් ය. 

එහෙත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ කොරෝනා ව්‍යාප්තිය පාලනයට දැනට ගෙන ඇති පියවර නිසි ඇගයීමකින් තොරව ලිහිල් කළහොත් තත්ත්වය ඉතාමත් බරපතල විය හැකි බවයි. යම් හෙයකින් කොරෝනා ව්‍යාප්තිය පාලනයකින් තොර වුවහොත් ඇමෙරිකාව, ඉතාලිය, එංගලන්තය, ස්පාඤ්ඤය වැනි තත්ත්වයට ශ්‍රී ලංකාව ද පත් විය හැකි බව එම සංගමය පවසනවා. රෝගීන් වර්ධනය උපරිම අවස්ථාවට පත් වන්නේ පළමු රෝග්යා වාර්තා වී දින 50කින් පමණ බවත් ඒ අනුව ශ්‍රී ලංකාවේ රෝගීන් වර්ධනය මැයි මස මුල් සතිය පමණ වන විට උපරිම වර්ධනයක් දක්වා පැමිණෙන පවත් සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසනවා. 

ජනතාවට මෙහි බැරෑරුම්කම තේරුම් ගැනීමට සියළු දත්ත ඔවුන් අතරට පත් විය යුතු බවත් දැනට නිරෝධායනය වන පිරිස් සහ ඔවුන් ඇසුරු කළ පිරිස් සියල්ල පරීක්ෂා කරන තුරු වෛරසය පැතිර යාම වැළැක්වීම ගැටළුසහගත තත්ත්වයක පවතින බවත් ඔහු වැඩි දුරටත් කියාසිටියා. 





ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu