gossiplanka alexa වී මෝල් හිමියන්ගේ සේවාව අත්‍යාවශ සේවාවක් ලෙස නම් කෙරේ, සහල් සඟවා සිටීමට නොහැකියි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

වී මෝල් හිමියන්ගේ සේවාව අත්‍යාවශ සේවාවක් ලෙස නම් කෙරේ, සහල් සඟවා සිටීමට නොහැකියි

gossip news rice
නැවත දැනුම්දෙන තුරු  සියලුම වී මෝල් හිමියන්ගේ සේවාවන්  අත්‍යාවශ්‍ය සේවාවන් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා. සහල් නිෂ්පාදනය, ගබඩා කිරීම හා බෙදාහැරීම මෙවන් ව්‍යසන අවස්ථාවක දී අත්‍යාවශ්‍ය බැවින් මෙම තීරණය ගෙන තිබෙනවා. 

ජනාධිපතිවරයාගේ නියෝග මත ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ දිවයිනේ සියලුම සහල් මෝල් හිමියන් තම ප්‍රදේශය තුළ සහල් නිෂ්පාදනය, තමන් සතු වී තොග සහල් බවට පත් කිරීම කළ යුතු බවත් සුළු සහල් මෝල් හිමියන් තම ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශය තුළත්, මධ්‍යම පරිමාණ සහල් මෝල් හිමියන් දිස්ත්‍රික්ක බල ප්‍රදේශය තුළත් සහ මහ පරිමාණ සහල් මෝල් හිමියන් දිවයින පුරාත් පවතින සහල් තොග බෙදාහැරීමට ක්‍රියා කළ යුතු බවත් ය. 

මෙට්‍රික් ටොන් මිලියන 03කට ආසන්න වී අස්වැන්නක් මේ වන විට  ලැබී ඇති බවත් එයින් 2/3 ක ප්‍රමාණයක් සහල් තොග වශයෙන් පවතින බවත් ජනාධිපති මාධ්‍ය අංශය වැඩි දුරටත් කියා සිටිනවා. 

 අධික ලෙස සහල් මිල ඉහළ නැංවිම හෝ සහල් සැපයුම අඩාල කිරීම නිරෝධායන කටයුතුවලට අවශ්‍ය සුරක්ෂිතතාවයට දැඩි අවදානමක් ඇති කරන බවත් ජනතාව යම් රෝග නිවාරණයකට ලක් කර ඔවුන්ගේ නිවෙස්වලටම භාණ්ඩ ලබාදීමේ කාර්ය භාරයේ නිරත මේ මොහොත් දැඩි අවධානයක් සහ ප්‍රමුඛතාවක් දී කටයුතු කළ යුතු බවත් එම නිවේදනයෙන් දැනුම් දී තිබෙනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu