gossiplanka alexa කොරෝනා වෛරස ව්‍යාප්තිය නිසි ලෙස කළමනාකරණය කළ පළමු රට ලංකාව වේවිද?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොරෝනා වෛරස ව්‍යාප්තිය නිසි ලෙස කළමනාකරණය කළ පළමු රට ලංකාව වේවිද?

gossip about corona
දැනට බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයවිසින් සිදු කරන කොරෝනා පරීක්ෂණ ධාරිතාව දෙගුණ කර ඇතත් රෝගීන් හමුවන ප්‍රමාණය අඩු බව එම ආයතනයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා  පවසනවා. මේ තත්ත්වය මෙසේ දිගටම පවත්වාගෙන යාමෙන් සහ කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා රජය විසින් ගෙන යන වැඩපිළිවෙලට මහජනතාව තවත් සති දෙකක කාලයක් සහයෝගය ලබාදුනහොත් එම වෛරස ව්‍යාප්තිය නිසි ලෙස කළමනාකරණය කල පළමු රට ශ්‍රී ලංකාව බවට පත් වීමට හැකියාව ඇතැයි ඒ මහතා පවසනවා. 

කෙසේ වෙතත් රෝග ලක්ෂණ නොපෙන්වන සහ සමාජයේ සැඟවී සිටින පිරිස කොපමණදැය් බලධාරීන් මෙතෙක් නිසියාකාරව නොදන්නා නිසා මේ සම්බන්ධයෙන් සතු‍ටුවිය නොහැකි බවත් ඒ මහතා පවසනවා. ජනතාව රජයට ලබා දෙන බලවත් සහාය නිසා දැනට අනෙකුත් රටවලට වඩා ශ්‍රී ලංකාව යම් සාර්ථකත්වයක් ඇති කර ගෙන තිබෙන බව ද එම සහාය ඉදිරි සති දෙකක පමණ කාලයේද ලබා දෙන ලෙස ද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu