gossiplanka alexa වැලිසර නාවික හමුදා සෙබලා මියගියේ කොරෝනා වැලදීලාද - ඇත්ත කතාව මෙන්න

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

වැලිසර නාවික හමුදා සෙබලා මියගියේ කොරෝනා වැලදීලාද - ඇත්ත කතාව මෙන්න

වැලිසර නාවික හමුදා කඳවුරට අයත් රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි නාවික හමුදා සෙබලෙක් ඊයේ (25) රාත්‍රියේ මියගොස් තිබෙනවා.

කෙසේ වෙතත් එම සෙබලාට කොරෝනා වෛරසය වැළඳී නොමැති බවයි සිදුකළ පරීක්ෂණයේ දී වාර්තා වන්නේ.


මියගිය සෙබලාගේ සිරුරෙන් ලබාගත් සාම්පල් අනුව වෛද්‍ය පරීක්ෂණයේ දී මේ බව තහවුරු වූ බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර කියා සිටියේ.

අදාළ නිලධාරියා පසුගිය 18 වන හදිසි අසනීප තත්වයකින් වැලිසර නාවික හමුදා කඳවුරේ පිහිටි රෝහලට ඇතුලත් කර ඇති අතර ඔහු වකුගඩු රෝගයෙන් වැළඳී සිටි අයෙක් බවයි නාවික හමුදාවේ මාධ්‍ය ප්‍රකාශක පවසන්නේ.

වෛද්‍ය පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත්තේ මී උණ වැළඳී ඇති වූ සංකුලතා මත මෙම සෙබලා මියගොස් ඇති බවයි වාර්තා වන්නේ,

කෙසේ වෙතත් මෙම සෙබලා ප්‍රතිකාර ලැබූ රෝහල් වාට්ටුවේ සිට පසුව කොරෝනා රෝගියෙක් ලෙස හඳුනාගත් සෙබලෙක් සිටීම හේතුවෙන් මියගිය නාවික හමුදා සෙබලාගේ සිරුරේ අවසන් කටයුතු ද ජාත්‍යන්තර නිරෝධායන නීතිවලට අනුව සිදු කිරීමට රාගම අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා නියෝග කර ඇති බවයි වාර්තා වන්නේ.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ 1984 වර්ෂයේ ගිරාදුරුකෝට්ටේ ප්‍රදේශයේ උපත ලැබූ මෙම නාවික හමුදා නිලධාරියා ලුතිනන් කමාන්ඩර් නිලයේ කටයුතු කළ අයෙක් බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu