gossiplanka alexa හම්බන්තොට දිස්ත්‍රික්කයෙනුත් කොරෝනා ආසාධිතයන් දෙදෙනක් හමුවෙයි - ඇසුරු කළ අය සොයා විමර්ශන ඇරඹේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

හම්බන්තොට දිස්ත්‍රික්කයෙනුත් කොරෝනා ආසාධිතයන් දෙදෙනක් හමුවෙයි - ඇසුරු කළ අය සොයා විමර්ශන ඇරඹේ

ම්බන්තොට දිස්ත්‍රික්කයේ පළමු කොරෝනා ආසාධිතයන් දෙදෙනා අද (26) හමුව තිබෙනවා.

හම්බන්තොට දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා වෛද්‍ය දීපිකා පටබැඳිගේ පැවසුවේ වැලිසර නාවික හමුදා කඳවුරේ සිට පැමිණි නාවික හමුදා නිලධාරීන් දෙදෙනක් මෙලෙස කොරෝනා ආසාධිත රෝගීන් ලෙස හඳුනාගත් බවයි.


ඔවුන් දෙදෙනා අම්බලන්තොට සහ සුරියවැව ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.

මේ වන විට වැලිසර නාවික හමුදා කඳවුරේ සිට හම්බන්තොට දිස්ත්‍රික්කය වෙත නිවාඩු ලබා හමුදා සෙබළුන් 37 දෙනෙක් පැමිණ ඇති අතර ඉන් 14 දෙනෙක් ඊයේ (25) PCR පරීක්ෂණ වෙත යොමු කර තිබෙනවා.

ඉන් සෙබළුන් 9 දෙනෙක්ගේ වාර්තා අද දිනයේ ලැබී ඇති අතර එහිදී මෙම කොරෝනා ආසාධිතයන් දෙදෙනා හමුව ඇති බවයි වාර්තා වන්නේ.

ඔවුන් දෙදෙනා මේ වන විට නිවෙස් වල නිරෝධායනයට යොමු කර ඇති අතර එම සෙබළුන් දෙදෙනා ඇසුරු කළ අය සෙවීමේ කටයුතු ආරම්භ කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu