gossiplanka alexa මාර්තු 02 පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ගැන මන්ත්‍රීවරුන් 62ක් නොසන්සුන් ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මාර්තු 02 පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ගැන මන්ත්‍රීවරුන් 62ක් නොසන්සුන් ?

sri lankan gossip
හෙට (02) දිනයේ දී පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ අදහසක් ඇතැයි ආරංචිවනවාත් සමඟම ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නොසන්සුන් වී ඇති බව වාර්තා වනවා. ඒ හෙට ද්නයේ දී පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් මන්තී‍්‍රවරු 62 දෙනෙකුට විශ‍්‍රාම වැටුප අහිමි වී යාම හේතුවෙන්. පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයකුට විශ‍්‍රාමික වැටුප් හිමිකම් ලැබීමේ සේවා කාලය වසර පහක් විය යුතුයි. එසේ වසර පහ සම්පූර්ණ නොවූ මන්ත්‍රිවරුන් 62 අතර එක්සත් ජාතික පක්ෂයේ මන්තී‍්‍රවරු 35 ක්, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ 20ක්, ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ 06ක් සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත‍්‍රීවරයකු ද සිටින බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මෙම වසර පහක කාලය වසර හතර දක්වා අඩු කරන ලෙස මන්තී‍්‍රවරුන් රැසක් කථානායක කරු ජයසූරිය මහතාගෙන් ඉල්ලා ඇති මුත් ඊට මෙතෙක් අනුමැතියක් ලැබී නැති බවයි වාර්තා වන්නේ. පාර්ලිමේන්තුවේ නිල කාලය වසර හයේ සිට පහ දක්වා අඩුවීම හේතුවෙන් විශ‍්‍රාම වැටුප හිමි විය යුතු කාලය ද වසර පහේ සිට වසර හතර දක්වා අඩු විය යුතු බවට මන්ත‍්‍රීවරුන්ගේ යෝජනාව වී තිබෙනවා.

වත්මන් මන්ත්‍රීවරයෙකුට දීමනා හැර මූලික වැ‍ටුප ලෙස රුපියල් 54000 ක මුදලක් හිමිවනවා. විශ්‍රාමගිය මන්ත්‍රීවරයෙකුට හිමිවන්නේ එම මූලික වැ‍ටුපෙන් මෙන් තුනෙන් එකක ප‍්‍රමාණයක්. . ඊට අමතරව වත්මන් කථානායක කරු ජයසූරිය මහතාගේ මැදිහත්වීමෙන් විශ‍්‍රාමික මන්තී‍්‍ර දීමනාව ලෙස රුපියල් 25000 ක්ද ලබා දෙනවා. ඒ අනුව එක් මන්ත්‍රීවරයෙකුට විශ්‍රාම වැ‍ටුප ලෙස වැටුපෙන් තුනෙන් එකක් වන රුපියල් 18000 ක් සහ 25000 ක් එකතුව රුපියල් 43000ක මුදලක් ලබා ගත හැකියි. 

පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයකුට විශ‍්‍රාම වැටුප වශයෙන් හිමිවනුයේ සිය වැටුප මෙන් තුනෙන් එකක ප‍්‍රමාණයකි. ඒ අනුව වත්මන් මන්තී‍්‍රවරයකුගේ දීමනා හැර වැටුප වනුයේ රුපියල් 54000 ක මුදලකි. ඊට අමතරව වත්මන් කථානායක කරු ජයසූරිය මහතාගේ මැදිහත්වීමෙන් විශ‍්‍රාමික මන්තී‍්‍ර දීමනාව ලෙස රුපියල් 25000 ක්ද ලබා දෙනු ලැබේ.

නියමිත කාලයට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් මන්තී‍්‍රවරු 62 ක් සඳහා මාසිකව රුපියල් විසිහය ලක්ෂ හැටහය දහසක මුදලක් ඉතිරි කර ගැනීමට රජයට හැකියාව තිබෙනවා. 

කෙසේ වෙතත් පාර්ලිමේන්තු සේවා කාලය වසර 15 ක් සපුරනු ලබන විශ‍්‍රාමික මන්තී‍්‍රවරයකුට ඔහු ලැබූ දීමනා හැර වැටුප පූර්ණ වශයෙන් හිමි වනවා. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu