gossiplanka alexa ශ්‍රී ලාංකිකයින් බහුලව වෙසෙන දකුණු කොරියාවේ නගරයක් අවදානම් කලාපයක් ලෙස නම් කරයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ශ්‍රී ලාංකිකයින් බහුලව වෙසෙන දකුණු කොරියාවේ නගරයක් අවදානම් කලාපයක් ලෙස නම් කරයි

චීනයෙන් ඈරඹී නව කොරෝනා වෛරසය හෙවත් කොවිඩ්-19 ලොව පුර පැතිරයාමේ අවදානම මේ දක්වාත් පහව ගොස් නැහැ. එම වෛරසයෙන් තවමත් ලොව පුරා මරණ වාර්තා වනවා. දැනට මෙම වෛරසයෙන් චීනයේ සිදු වූ මරණ සංඛ්‍යාව 2345ක් බවයි වාර්තා වන්නේ. චීනයෙන් පිටත රටවල් 26කින් වෛරසය ආසාදිතයින් 1152 කු වාර්තා වී අතර මරණ 8ක් සිදුව තිබෙනවා. 

චීනය සහ ජපානයේ නිරෝධායනයට ලක්කළ කෘස් නෞකාවට හැරුණු විට මේ වනවිට වැඩිම ආසාදිතයින් ගණනක් වාර්තා වී ඇත්තේ  දකුණු කොරියාවෙන්. දකුණු කොරියාවෙන් පුද්ගල මරණ දෙකක් වාර්තා වී ඇති අතර දැනට වාර්තා වන වෛරස ආසාදිතයින් ගණන 346ක්.

මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් දකුණු කොරියාවේ ඩේගු නගරය සහ තවත් නගරයක් කොරෝනා වෛරසය සම්බන්ධ අවදානම් කලාප ලෙස නම් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඩේගු නගරය ශ්‍රී ලාංකිකයින් බහුලව වෙසෙන නගරයක්. එසේම මෙය හදිසි අවස්ථාවක් ලෙස සළකා කටයුතු කිරීමට එරට බලධාරීන් පියවර ගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මේ වන විට ඩේගු නගරයේ වීථිවල පාලු ස්වභාවයක් දක්නට ලැබෙන බව යි. 

වෛරසය පැතිර යාමට පවතින හැකියාව පාලනය කිරීමට පවතින අවස්ථාව පටු වී ඇති බව යි  ලෝක  සංවිධානයේ ප්‍රධානී වෛද්‍යය ටෙඩ්‍රොස් අදනොම් ගෙබ්‍රෙයිසස් කියා සිටින්නේ. 








ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu