gossiplanka alexa මව සහ දරුවන් තිදෙනා මෝටර් රථයේ පුළුස්සා දැමූ උමතු රග්බි ක්‍රීඩකයා

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මව සහ දරුවන් තිදෙනා මෝටර් රථයේ පුළුස්සා දැමූ උමතු රග්බි ක්‍රීඩකයා

හැනා බැක්ස්ටර් හෙවත් හැනා ක්ලාක් තම සැමියාගෙන් වෙන්වීමෙන් පසු දරුවන් ද සමග කෑම්ප් හිල්හි පිහිටි ඇයගේ දෙමාපියන්ගේ නිවසට පදිංචියට ගියේ පසුගිය වසරේදී ය. හැනා බැක්ස්ටර්ගේ සැමියා රෝවන් බැක්ස්ටර්  හිටපු රග්බි ක්‍රීඩකයකි. සය හැවිදිරි ලියානා, අවුරුදු හතරක් වයසැති ආලියා, තුන් හැවිදිරි ට්‍රේ ඔවුන්ගේ දරුවන්.

මොවුන් දෙදෙනා අතර ගැ‍ටුම් ඇති වීම බොහෝ කලක සිටා පැවති අතර හැනා බැක්ස්ටර් මින් පෙර ගෘහස්ත හිංසනය සම්බන්ධ ගැටලුවලට පවුල් සේවාවන්ගේ සහය ලබාගෙන ද තිබෙනවා. මේ සම්බන්ධයෙන් අධිකරණ නියෝග ගණනාවක් ද ලබාගෙන ඇතැයි පොලිසිය පවසනවා. ඔවුන් දෙදෙනා සාකච්ඡා කරමින් සිට ඇත්තේ දරුවන්ගේ භාරකාරත්වය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමටයි. 

රෝවන් බැක්ස්ටර් මීට පෙර ඕක්ලන්ඩ්හි 'නවසීලන්ත වොරියර්ස්' රග්බි ලීග් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ ක්‍රීඩකයෙක්. මෑතකදී ඔහු සිය බිරිඳ සමග බ්‍රිස්බේන් නගරයට නැගෙනහිරින් පිහිටි 'කපලාබා' ප්‍රදේශයේ ව්‍යායාම මධ්‍යස්ථානයක් ආරම්භ කර තිබුණා. ව්‍යායාම් මධ්‍යස්ථාන වෙබ් අඩවියේ හැනා බැක්ස්ටර් හඳුන්වා ඇත්තේ, "උනන්දු, උද්‍යෝගිමත් තිදරු මවක්" සහ ජාත්‍යන්තර පදක්කම් දිනාගත් ප්‍රාන්ත ට්‍රැම්පොලින් ශූරියක ලෙසින්. 

31 හැවිරිදි හැනා බැක්ස්ටර් සහ ඇයගේ  දරුවන් තිදෙනා පසුගිය බදාදා (පෙබරවාරි 19) කෑම්ප් හිල් ප්‍රදේශයේ දී ගිනි තබා ඝාතනය කර තිබෙනවා. ඔවුන් ගමන් ගත් මෝටර් රථයට ගිනි තබා ඔවුන්ව ඝාතනය කර ඇත්තේ රෝවන් බැක්ස්ටර් විසින්. 

"නගරයට තදාසන්න වීදියක සිදු වූ මේ සිද්ධිය නිසා රට පුරා සිටින ඕස්ට්‍රේලියානුවන් කම්පනයටත්, කනගාටුවටත් පත්ව සිටිනවා" යැයි අගමැති මොරිසන් ද පවසා තිබෙනවා. 

මව සහ දරුවන් තිදෙනා මෝටර් රථය අසල බිම ගින්නෙන් දැවෙමින් සිට්න විට ඔවුන්ට පිහිට වීම සඳහා දිව ආ පුද්ගලයන්ට "ඔහු මට පෙට්‍රල් වත් කළා.. මගේ දරුවන් බේරා ගන්න" යයි හැනා ඉල්ලා තිබෙනවා. සහයට පැමිණි පුද්ගලයන් වළක්වා ලූ 42 හැවිරිදි රෝවන් බැක්ස්ටර් මෝටර් රථය තුළින් පිටතට ගත් පිහියකින් සිය සිරුරට ඇන සිය දිවි හානි කර ගත් බවයි සිද්ධිය දු‍ටුවන් පවසන්නේ. 

සිද්ධිය වන අවස්ථාවේ මෝටර් රථය පදවමින් සිට ඇත්තේ හැනා බැක්ස්ටර් බව පොලිසිය පවසනවා. 

"හැනාව මේ රාක්ෂයාගෙන් බේරා ගැනීමට උත්සාහ කරලා ම ඇයගේ දෙමාපියන් දැඩි වෙහෙසට පත් වෙලා," යැයි අවමංගල්‍ය වියදම් සඳහා අන්තර්ජාලය ඔස්සේ අරමුදල් රැස් කරන ඥාතියෙකු පවසනවා. 




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu