gossiplanka alexa මානවහිමිකම් කඩ කරනවා යැයි විදෙස් බලවේගවලින් ආණ්ඩුවට චෝදනා, ජාතික ගීය සිංහලෙන් පමණක් ගායනා කිරීමත් වැ‍රැද්දක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මානවහිමිකම් කඩ කරනවා යැයි විදෙස් බලවේගවලින් ආණ්ඩුවට චෝදනා, ජාතික ගීය සිංහලෙන් පමණක් ගායනා කිරීමත් වැ‍රැද්දක්

lanka gossip human rights
පෙබරවාරි 24 වැනිදා සිට මාර්තු 20 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත  එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ 43 වැනි සැසිවාරය සඳහා ජගත් මානවහිමිකම් මණ්ඩලය වෙනුවෙන් මානව හිමිකම් කොමසාරිස්වරයා විස්න් සකස් කළ වාර්තාවෙන් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය වීම් නැවත ඇතිවිය හැකි බවට අනතුරු අඟවා තිබෙනවා.

විවිධ චෝදනාවන්ට ලක් වූවන්ට දඬුවම් ලබා නොදීම සහ ප්‍රතිසංධානයට, මානව හිමිකම් ප්‍රවර්ධනයට හා වගවීමට අදාළ ආයතන දිරිමත් කිරීමට රජය කටයුතු නොකිරීම හේතුවෙන් මෙම තත්ත්වය ඇතිවිය හැකි බව එම වාර්තාවෙහි කියා ඇති බව සඳහන්.

මානව හිමිකම් මණ්ඩලයේ සම අනුග්‍රාහකත්වය යටතේ 2015දී සම්මත කරගත් 30/1 යෝජනාවේ සම්මත අරමුණු මුළුමනින්ම සාක්ෂාත් කර ගැනීම සඳහා  වින්දිතයන්ට දඬුවම් ලබාදීම, මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ අතීත රටාවන්ට නැවත ගමන් නොකරන බවට සහතික වීම සහ සාමකාමී, තිරසාර සංවර්ධන ක්‍රියාවලීන් සඳහා කඩිනමින් පියවර ගැනීම වත්මන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා යටතේ ඇති ආණ්ඩුවෙන් සිදු විය යුතු බව එම වාර්තාවේ පෙන්වා දෙනවා. 

පසුගිය ආණ්ඩුව සමයේ දේශපාලන පළිගැනීම්වලට ලක් වූ රාජ්‍ය නිලධාරීන් පිළිබඳව සොයා බැලීමට පත්කළ (2020 ජනවාරි 09 දින) ජනාධිපති කොමිසම මගින් 2008-2009 වර්ෂවල කොළඹදී තරුණයන් 11 දෙනකු පැහැරගෙන යාම පිළිබඳව විභාග වන නඩුව (නාවික හමුදා නිලධාරීන්ට එරෙහිව) අත්හිටුවන ලෙස නීතිපතිවරයාට බලපෑම් කර ඇතැයි මානව හිමිකම් කොමසාරිස්වරයා මෙහිදී කියා සිටිනවා.

එසේම සුගිය ජාතික නිදහස් දිනය දා එතෙක් සිංහල හා දෙමළ භාෂා ද්විත්වයෙන්ම ගායනා කෙරුණු ජාතික ගීය සිංහල භාෂාවෙන් පමණක් ගායනා කිරීම මහකොමසාරිස්වරයාගේ කනගාටුවට හේතු වී ඇත් බව ද මෙහි දැක්වෙනවා.

ඉහළ පෙළේ නඩු කිහිපයක්ම විභාග කළ නිලධාරීන් ඔවුන්ගේ තනතුරුවලින් ඉවත්කිරීම සහ මාරු කිරීමද වත්මන් ආණ්ඩුව විසින් සිදු කර ඇතැයිද ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට ස්ථාපනය කළ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරන බවට වත්මන් ආණ්ඩුව ප්‍රකාශ කිරීමද පිළිගත නොහැකි බව ද එම වාර්තාවෙහි සඳහන්. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu