gossiplanka alexa රාජිත ඖෂධවලින් වංචා කළ මුදල බැඳුම්කර වංචාවටත් වඩා වැඩි බවට හෙළිදරව්වක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රාජිත ඖෂධවලින් වංචා කළ මුදල බැඳුම්කර වංචාවටත් වඩා වැඩි බවට හෙළිදරව්වක්

කොළඹ විද්වත් වෘතිකයන්ගේ සංගම් ශාලාවේ පැවැති මාධ්‍ය හමුවකදී  රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ඖෂධ මිලදී ගැනීමේදී සිදුවන අක්‍රමිකතා පිළිබඳ කතා කළා. ඔහු එහිදී සඳහන් කළේ හිටපු සෞඛ්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න ඖෂධ ආනයන තහනමකට ලක්කරන ලද ෆාමේස් සමාගමට සම්මාන පවා ලබාදී ඇති බවයි. 

මෙහිදී වෛද්‍යවරයා වැඩි දුරටත් කියා සිටියේ ප්‍රමිති සහතික ඇති ගුණාත්මක ඖෂධ වර්ගයක් රුපියල් තිස්තුනට පවතින විට රුපියල් හැට නමයකටත් වැඩි මුදලකට ඖෂධ සංස්ථාව ෆාමේස් ආයතනයට නිකුත් කර ඇති බවයි. මෙම ටෙන්ඩරය හරහා පමණක් රජයට සිදුවී ඇති පාඩුව රුපියල් මිලියන පහකට වැඩි බව ද ඔහු පවසා සිටියා. 

පිළිකා ඖෂධ මගඩිය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කරන ලද ජනාධිපති විමර්ශන කොමිෂන් සභා සාක්ෂිවලින්  හෙළිවී ඇත්තේ හිටපු සෞඛ්‍ය ඇමැතිවරයා සමඟ එකට ගනුදෙනු කළ සමාගම්වල නම් යැයි ද ෆාමේස් සමාගමත් ඒ අතර වූ බවද  ඔහු පවසා සිටිනවා. එම නිසා සෞඛ්‍ය ඇමැතිවරයා එම සමාගමට සම්මානයක් ලබාදීම පුදුමයට කරුණක් නොවන බව ද ඔහු පවසනවා.

ඉකුත් වසර හතර පහේදී ඖෂධ මිලදී ගැනීමේදී රුපියල් බිලියන විස්සකට වැඩි වංචාවක් සිදුව ඇති බවත් එය මහ බැංකු බැඳුම්කර වංචාව මෙන් දෙගුණයක වංචාවක්   බවත් හරිත අලුත්ගේ මහතා ප්‍රකාශ කරනවා. නව රජයක් බිහිවූ පසු මෙවැනි දූෂිත ගනුදෙනු නතරවනු ඇතැයි අපේක්ෂා කළ නමුත් තවදුරටත් එම දූෂිත ගනුදෙනු සිදුවෙමින් පවතින බවත් හොඳම උදාහරණය පසුගිය දෙසැම්බර් 16 වැනිදා පිළිකා ඖෂධයක් සම්බන්ධ ටෙන්ඩරයක් ඖෂධ සංස්ථාවෙන් නැවතත් ෆාමේස් සමාගමට ලබාදීම බවත් ප්‍රධාන ලේකම්වරයා පවසා සිටියා. 

පිළිකා ඖෂධ ගෙන්වීමට අදාළ අක්‍රමිකතාවක් හේතුවෙන් ෆාමේස් සමාගමේ ඖෂධ ව්‍යාපාර කටයුතු ඖෂධ නියාමන අධිකාරියෙන් මේ වන විට අත්හිටුවා තිබෙනවා. මෙය අදාළ බලධාරීන්ගේ අවධානය යොමු විය යුතු අත්‍යාවශ්‍ය කරුණක්.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu