gossiplanka alexa පාර්ලිමේන්තුව ඉක්මනින් විසුරුවා හැරීමට අනුමැතිය, අළුත් අවුරුද්දට කලින් ඡන්දයක් ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පාර්ලිමේන්තුව ඉක්මනින් විසුරුවා හැරීමට අනුමැතිය, අළුත් අවුරුද්දට කලින් ඡන්දයක් ?


19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවීමට හැකියාව ඇත්තේ මාර්තු මස 02 න් පසුවයි. නමුත් ඉදිරි දෙසතිය ඇතුළත පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා ප්‍රධාන පක්ෂ අතර එකඟතාවක් ඇති වී තිබෙන බව වාර්තා වනවා. ඒ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක අනුමැතිය ලබාගෙන. මාර්තු 02වෙනිදාට පෙර පාර්ලිමේන්තුව ව්සිරුවන්නේ නම් එයට පාර්ලිමේන්තුවේ 2/3 ක අනුමැතිය අවශ්‍යවනවා. 

මේ වන විට එම තුනෙන් දෙකේ බලය ලබාදීම සඳහා ප්‍රධාන පක්ෂ අතර එකඟතාවයක් ඇති වී තිබෙන නිසා එළඹෙන දෙසතිය ඇතුළත පාර්ලිමේන්තු විසුරුවා හැරිමට නියමිත බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ. එසේ පාර්ලිමේන්තුව එළඹෙන දෙසතිය තුළ විසුරුවා හැරියහොත් එළඹෙන මහමැතිවරණය අලුත් අවුරුද්දට පෙර අපේ‍්‍රල් මුල් සතියේ පැවැත්වීමට හැකි වනු ඇතැයි විශ්වාස කෙරෙනවා. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu