gossiplanka alexa ‍රැකියා විරහිත උපාධිධාරීන්, ඩිප්ලෝමාධාරීන් අදම අයදුම් කරන්න, රජයේ ‍රැකියා ලබාදෙන ක්‍රමවේදය මෙන්න

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

‍රැකියා විරහිත උපාධිධාරීන්, ඩිප්ලෝමාධාරීන් අදම අයදුම් කරන්න, රජයේ ‍රැකියා ලබාදෙන ක්‍රමවේදය මෙන්න

ට වෙනුවෙන් වැඩ කිරීමේ සංස්කෘතියක් ඇති කිරීම උදෙසා තරුණ ප්‍රජාව තිරසර සංවර්ධන ක්‍රියාවලියට විශ්වාසනීය හා තාර්කික පදනමක් මත දායක කර ගැනීමේ අරමුණින් රැකියා විරහිත උපාධිධාරීන් සහ ඩිප්ලෝමාධාරීන් රැකියාගත කිරීමේ වැඩසටහන ආරම්භ කර තිබෙනවා. මෙම වැඩසටහන ක්‍රියාත්මක වන්නේ ජනාධිපතිතුමාගේ  "සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව යි. 

2019-12-31 වන දිනට විශ්ව විද්‍යාල ප්‍රතිපදන කොමිෂන් සභාව විසින් පිළිගනු ලබන උපාධි පාඨමාලාවක් හෝ ඩිප්ලෝමා පාඨමාලාවක් හෝ සම්පූර්ණ කර තිබෙන වයස අවුරුදු 35 ට නොවැඩි ‍රැකියා අපේක්ෂකයින් මේ සඳහා සුදුසුකම් ලබනවා. එසේම ‍රැකියා අපේක්ෂිත අයදුම්කරු අයදුම්පත ඉදිරිපත් කරනු ලබන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ස්ථීර පදිංචිකරුවෙකු විය යුතු අතර පූර්වාසන්න වසර 03 කාල සීමාව තුළ රැකියාවක නිරත නොවූවකු විය යුතුය.

අදාළ අයදුම්පත ජනාධිපති කාර්යාලීය ව්ව්ව්.ප්‍රෙසිඩෙන්ට්සොෆ්‍ෆිචෙ.ල්ක්වෙබ් අඩවියෙන් බාගත කිරීමේ හැකියාව ඇත.

නිසි ලෙස සම්පූර්ණ කරන ලද අයදුම්පත් උපාධි සහතිකය හෝ ඩිප්ලෝමා සහතිකය සහ ප්‍රතිඵල ලේඛනයේ ඡායා පිටපතක් (මුල් පිටපත අනුව, සසඳා සාමදාන විනිශ්චයකාරවරයෙකු/නීතිඥයෙකු විසින් සත්‍ය පිටපතක් බව සහතිකර) සමඟ 2020-02-14 වන දිනට පෙර ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ ස්පීඩ් පෝස්ට් කූරියර් සේවාව මගින් එවිය යුතුය. 

අයදුම්පත එවිය යුතු ලිපිනය :

රැකියා විරහිත උපාධිධාරින්/ඩිප්ලෝමාධාරී රැකියාගත කිරීමේ වැඩසටහන 2020, 
ආයතන කළමනාකරණ සහ සම්බන්ධිකරණ අංශය, 
ජනාධිපති ලේකම් කාර්යාලය, 
ගාලු මුවදොර,
 කොළඹ 01 

ලිපියේ වම් පස ඉහළ කෙළවර, උපාධිධාරියෙකු නම් “උපාධිධාරී /(දිස්ත්‍රික්කයේ නම) යනුවෙන් ද, ඩිප්ලෝමාධාරියෙකු නම් ඩිප්ලෝමාධාරී / (දිස්ත්‍රික්කයේ නම) යන්නද සඳහන් කර තිබිය යුතුය. නියමිත දිනට පසුව ලැබෙන අයැදුම්පත්‍ ප්‍රතික්ෂේප කරනු ලැබේ. 

අධ්‍යාපන අමාත්‍යාංශය (ග්‍රාමීය හා වතු පාසල්), වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව, වනජීවි දෙපාර්තමේන්තුව, දේශීය ආයුර්වේද දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය අමාත්‍යාංශය (ග්‍රාමීය රෝහල්/ඩිස්පෙන්සරි), මිනින්දෝරු දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, සුළු අපනයන භෝග දෙපාර්තමේන්තුව, තක්සේරු දෙපාර්තමේන්තුව, ආගමන විගමන දෙපාර්තමේන්තුව යන ක්ෂේත්‍රවල සේවාවන්හි තෝරා ගන්නා පිරිස නියුක්ත කෙරෙනු ඇත්. ස්යළු පත්වීම් දිස්ත්‍රික් පදනම මත සිදුකරන අතර පළමු පත්වීම ලබන දිස්ත්‍රික්කයේ වසර 05ක් සේවය කිරීම අනිවාර්ය වේ. වසරක පුහුණු කාලය තුළ රුපියල් 20,000/ක දිමනාවක් ගෙවනු ලැබේ. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu