gossiplanka alexa චීනය වසන් කරන සත්‍ය තොරතුරු සම්බන්ධයෙන් තායිලන්ත ප්‍රවෘත්ති සේවයකින් වාර්තාවක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

චීනය වසන් කරන සත්‍ය තොරතුරු සම්බන්ධයෙන් තායිලන්ත ප්‍රවෘත්ති සේවයකින් වාර්තාවක්

චීනයේ සීඝ්‍රයෙන් පැතිරී යන කොරෝනා වෛරසයේ සත්‍ය තොරතුරු වසන් කරන බවට වාර්තා පලවනවා. තායිලන්ත ප්‍රවෘත්ති සේවයක් වාර්තා කරන්නේ චීනයේ පිහිටි දෙවන විශාලතම සමාගම වන Tencent විසින් නොදැනුවත්ම කොරෝනා වෛරසය සම්බන්ධයෙන් වන දත්ත හෙළි කර ඇති බවයි. එම දත්තවලට අනුව චීනයේ පැතිරෙමින් යන නව කොරෝනා වෛරසය හේතුවෙන් ජිවිතක්ෂයට පත්ව ඇති පුද්ගලයින් සංඛ්‍යාව එරට රජය විසින් ප්‍රකාශයට පත් කරනු ලබන සංඛ්‍යා ලේඛණ සමග සැසදීමේදී විශාල වෙනසක් දක්නට ලැබෙන බව සනාථවන බව ඔවුන් පවසනවා. 

නව කොරෝනා වෛරසයෙන් පුද්ගලයින් 24,589ක් ජිවිතක්ෂයට පත්ව ඇති බවත් වෛරසය ආසාධනය වූ පුද්ගලයින් ගණන 154,023 ක් බවත් Tencent සමාගම විසින් ඇතිවී තිබෙන වසංගත තත්ත්වය සම්බන්ධයෙන් තොරතුරු ඇතුලත් වෙබ් පිටුවේ සඳහන් කර ඇති බවටයි වාර්තා පලවන්නේ.  මෙම දත්ත චීන රජය විසින් ජාත්‍යන්තරයෙන් වසන් කොට තබන සැබෑම දත්ත වන්නට ඇති බවයි විශ්වාස කරන්නේ.

කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමත් සමග චීනයේ මහජන ආණ්ඩුව විසින් සිය රට වැසියන්ට මෙන්ම ලෝකයටද සත්‍ය වසන් කිරිම සම්බන්ධයෙන් දැඩි දෝෂ දර්ශණයට ලක්ව සිටින අතර නව කොරෝනා වෛරසය සම්බන්ධයෙන් මෙම කරුණු වාර්තා කළ ඨෙන්චෙන්ට් සමාගමේ වැඩි හිමිකාරිත්වයක් දරන්නේ ද චීන රජයයි. චීන රජය විසින් මේ වන විට ප්‍රකාශ කර ඇත්තේ කොරෝනා වෛරසය හේතුවෙන් මේ දක්වා මිය ගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව 563ක් බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu