gossiplanka alexa ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී සහ ඔහුගේ බිරිඳ අත් අඩංගුවට ගැනේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී සහ ඔහුගේ බිරිඳ අත් අඩංගුවට ගැනේ

ශ්‍රී ලන්කන් ගුවන් සේවයට නව ගුවන් යානා මිලදී ගැනීමේදී 2013 වසරේ සිදුවු බව කියන අක්‍රමිකතාවයක් සම්බන්ධයෙන් මුල්‍ය විශුද්ධිකරණ චෝදනා එල්ල කරමින්  ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිඳ  අත්අඩංගුවට ගන්නා ලෙස  වරෙන්තු නිකුත් කර තිබුණා. ඒ අනුව ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ හතේ පිහිටි ඔහුගේ නිවසට ගිය අවස්ථාවේ එහි ඔවුන් සිටියේ නැති බව රහස් පොලිසිය විසින් කරුණු වාර්තා කර තිබුණා.

මේ හේතුව නිසා  කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිඳ ප්‍රියංකා විජේනායක රටින් පලා ගොස් ඇති බවට ද වාර්තා පළ වුණා. නමුත් මේ වන විට  කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිඳ  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර වී ඇති බවයි වාර්තා වන්නේ. 

එසේ භාරවීමෙන් පසු ඔවුන් දෙදෙනා රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවා අරංචි මාර්ග සඳහන් කරනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu