gossiplanka alexa විදුහල්පතිගේ පහරදීමෙන් දැරියක් අක්ෂි රෝහලේ, දැරියගේ පියාට බලපෑම්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

විදුහල්පතිගේ පහරදීමෙන් දැරියක් අක්ෂි රෝහලේ, දැරියගේ පියාට බලපෑම්

සුගිය සඳුදා පැවති නිවාසාන්තර ක්‍රීඩා උළෙලක දී විදුහල්පතිගේ පහර දීමකට ලක්ව දැරියක් කොළඹ ජාතික අක්ෂි රෝහලට ඇතුළත් කර තිබෙනවා. ඇය කුලියාපිටිය - කඩිගමුව මහා විද්‍යාලයේ අටවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන දැරියක්.

සිද්ධිය සම්බන්ධයෙන් දැරියගේ පියා බිංගිරිය පොලීසියට පැමිණිල්ලක් යොමුකර තිබෙනවා. මෙම සිදුවීමෙන් පසු අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර ක්‍රියාමාර්ග නොගන්නා ලෙස තමන්ට බලපෑම් එල්ල වෙමින් පවතින බවයි දැරියගේ පියා වැඩි දුරටත් පවසා ඇත්තේ. දැනට අක්ෂි රෝහලේ ප්‍රතිකාර ලබන දැරිය පවසා ඇත්තේ තවත් සිසු සිසුවියන් පිරිසකට විදුහල්පතිනිය පහරදීමේදී තමන්ටද පහරවැදුණු බවයි.

පහරකෑමෙන් දැරියගේ ඇසකට හානි සිදුවී ඇති අතර, තවදුරටත් පරීක්ෂණ සිදුකළ යුතු බවයි රෝහල් ප්‍රකාශිකාවක් පවසා ඇත්තේ. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන බව බිංගිරිය කලාප අධ්‍යාපන කාර්යාලයේ නිලධාරියෙකු සඳහන් කර තිබෙනවා. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu