gossiplanka alexa බාධා මැද අබුඩාබි ගිය තරුණයා පිපිරීමකින් මරුට, නෑ හිතවතුන්ගෙන් ඉල්ලීමක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

බාධා මැද අබුඩාබි ගිය තරුණයා පිපිරීමකින් මරුට, නෑ හිතවතුන්ගෙන් ඉල්ලීමක්

කොස්ගොඩ පදිංචි 26 හැවිරිදි නාමල්මුණි ජනිත මධුෂාන් ද සිල්වා අබුඩාබි වලදී අවාසානාවන්ත ලෙස මරණයට පත්ව තිබෙනවා. ඒ ගෑස් සිලින්ඩරයක් පුපුරා ගොස් සිරුර පිලිස්සිම හේතුවෙන්. නොයෙක් බාධා මැද විදේශ ‍රැකියාවට ගිය ඔහු විවාහ වී මාස තුනක් පමණවන බවයි ඔහුගේ බිරිඳ පවසන්නේ.

''ජනිත් රට ගියේ ඒජන්සියකින් නෙමේ යාඵවෙකුගේ මාර්ගයෙන්. මේ ගමන යනවට අපේ කිසිම කැමැත්තක් තිබුණේ නැහැ. අපි දෙන්නා විවාහ වුණේ මීට මාස තුනකට කලින්. ඒ 2019 නොවැම්බර් හය (06) වැනිදා. මහත්තයා බිස්නස් කර කරයි හිටියේ. ගෙයක් හදා ගන්න කියලයි, මහත්තය රට ගියේ. අපි එපා කියද්දීයි බාධා වෙවී තමයි මහත්තයට රට යන්න සිද්ධ වුණේ. එයාර්පෝට් ගියපු වෑන් එක මගදි කැඩිල වෙන වෑන් එකකින් ගියේ. ප්ලයිට් එකත් වැරදිලා පසුවදා වෙන ප්ලයිට් එකකින් ගියේ'' ඇය පවසනවා. 

''ජනිත් පසුගිය පළමුවැනිදා සවස එක හමාරට විතර වීඩියෝ කෝල් එකකින් මට කතා කළා. මම ඒ වෙලාවේ වැඩ කරමින් හිටියේ. ඒ වෙලාවේ හොඳට කතා කළා. රෑ වැඩ නිසා දවාලට එයා නිදා ගන්නවා කියල කිව්වා. මම වැඩ ඇරිල ඇවිත් සවස හය හමාරට විතර ජනිත්ගේ ෆෝන් එකට කතා කළත් කතා කළේ නැහැ. රෑ අටහමාරට විතර ජනිත්ගේ ෆෝන් එකෙන් යාඵවෙක් කතා කරල කිව්වා පිච්චිලා  ජනිත්ට පොඩ්ඩක් තුවාල වෙලා හොස්පිටල් එකේ කියලා. පසුව කතා කළත් කවුරුවත් ආන්සර් කළේ නැහැ. අපිට මුකුත් විස්තරයක් දැනගන්න බැරිවයි හිටියේ. එක්කෙනෙක් ජනිත්ගේ ෆෝන් එකෙන්ම කතා කරල කිව්වා  එයාට ටිකක් අමාරුයි, හොස්පිටල් එක මාරු කළා කියල. 

ඊට පස්සේ අපිට කිසි තොරතුරක් දුන්නේ නැහැ. ජනිත් වැඩ කරපු කොම්පැනියේ ඉන්දියන් මැඩම් කෙනෙක් කතා කරල කිව්වා හොඳින් ඉන්නවා බය වෙන්න එපා කියල. අපි බලාගන්නවා  කියල කිව්වා. හරි තොරතුරක් නැති වුණාම ජනිත්ගේ මාමා කෙනෙකුගේ දුවක් අබුඩාබි වල ඉන්නවා. එයාට කිව්වම එයා හොස්පිටල් එකට ගිහින් බලල ඇවිත් කිව්වා ජනිත්ට අමාරුයි කියල. අද (05)උදේ එකොළහමාරට විතර කතා කරල එයා කිව්වා ඊයේ (04 වැනිදා) මැරුණා කියල. ඒ ආරංචිය හැරෙන්නට වෙන කිසිම තොරතුරක් ඇත්තේ නැහැ.

ජනිත්ගෙ අතින් ගින්නකට පැට්‍රල් දමන්න ගිහින් පිච්චුණා කියලයි මුලදී කිව්වේ. ගෑස් සිලින්ඩරේ පිපිරිලා මැරුණ කියල අපේ ඥාතියා කියන තුරු කවුරුවත් කිව්වේ නැහැ. පොලීසියට ගියාම විදේශ සේවා නියුක්ති කාර්යංශයට යන්න කිව්වා. අපේ මහත්තයගෙ සිරුර හැකි ඉක්මනින් ගෙනලා දෙන්න කියලා අපි ඉල්ලනවා''. ඒඇගේ අසරන ඉල්ලීමයි. මේ පිළිබඳ බලධාරීන් නිසි පියවර ගනු ඇතැයි විශ්වාසයෙන් ජනිත්ගේ නෑදෑ හිතවතුන් මඟ බලා සිටිනවා. 






ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu