gossiplanka alexa ''ජාතිය පාවාදීමට කිසි සේත්ම ඉඩ දෙන්න බැහැ.අවශ්‍ය වුවහොත් ජනමත විචාරණයකට ද යා හැකියි'' - අතිගරු ජනාධිපති

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

''ජාතිය පාවාදීමට කිසි සේත්ම ඉඩ දෙන්න බැහැ.අවශ්‍ය වුවහොත් ජනමත විචාරණයකට ද යා හැකියි'' - අතිගරු ජනාධිපති

තිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිලධාරීන් සහ උපකුලපතිවරු සමග ජනාධිපති කාර්යාලයේ දී සාකච්ඡාවක් පැවැත්වූවා.එහ්දී ජනාධිපතිවරයා අවධාරණය කර සිටියේ සීග්‍ර ආර්ථික වර්ධනයකට ඉවහල් වන පරිදි අධ්‍යාපන ක්‍රමය වෙනස් කළ  යුතු බව යි. 

දේශීය හා විදේශීය රැකියා වෙළෙඳ පොළට ගැළපෙන අයුරින් විශ්ව විද්‍යාල විෂය නිර්දේශ සංශෝධනයට කඩිනම් පියවර ගන්නැයි උපදෙස් දුන් ජනාධිපතිරයා මෙසේද කියා සිටියා.

''උසස් බුද්ධියකින් යුත් නවීන තාක්ෂණය සමග පෙරට යා හැකි ශ්‍රම බලකායක් අපේ රටේඉන්නවා. සරල ක්‍රම තුළින් රැකියා වෙළෙඳ පොළට ගැළපෙන අයුරින් ඔවුන් හැඩ ගැස්වීමේ හැකියාව අප සතු  බවයි මා තරයේ විශ්වාස කරන්නේ. සංචාරක ව්‍යාපාරය, කෘෂිකර්මාන්ත හා වැවිලි සහ තාක්ෂණය මුල්කරගත් රැකියා උත්පාදනයෙන් රටට වේගවත් ආර්ථික වර්ධනයක් ලඟාකරගන්න පුළුවන්. වෛද්‍ය, ඉංජිනේරු, හෙද සහ  තොරතුරු තාක්ෂණය ඇතුළු ක්ෂේත්‍ර රැසක රැකියා විශාල ප්‍රමාණයක් ත්යෙනවා. ඊට සුදුසු පිරිසක් විශ්ව විද්‍යාල තුළින් බිහි නොවීම බරපතල ගැටලුවක්. මේ සියල්ල සැලකිල්ලට ගනිමින් උසස් පෙළ සමත් වන දරුවන්ට තෘතීයික අධ්‍යාපනය ලබාදිය යුතුයි. කලා උපාධි පාඨමාලා සමඟතොරතුරු තාක්ෂණය හා අන්තර්ජාතික භාෂාවක් හැදෑරීමට ද සැලැස්වීමෙන් ඉදිරි තෙවසර තුළ කඩිනම් ප්‍රගතියක් අත්කරගන්න පුළුවන්. 

“පාසලේ සිට උපාධිය දක්වා සෑම දරුවෙකුටම නායකත්වය පිළිබද පරිචයක් සහ අභියෝග ජය ගැනීමේ හැකියාව ලබාදීම වැදගත්. ඒ සඳහා  විශ්ව විද්‍යාල පාඨමාලා රැකියා වෙළෙඳ පොළට ගැළපෙන අයුරින් සකස් විය යුතුයි. එහිදී දේශපාලන කණ්ඩායම් හෝ සුළු පිරිසකගෙන් එන විරෝධතා සැලකිල්ලට ගත යුතු නැහැ. ජාතිය පාවා දීමට කිසිසේත් ඉඩ දෙන්න බැහැ. රට නිවැරදි මගට ගැනීමට සෘජුව ක්‍රියාත්මක වන්න” 

පාඨමාලා අනුව සිසුන් බඳවා ගැනීමේ අයිතිය විශ්ව විද්‍යාලවලට තිබෙන්න ඕන. නව විශ්ව විද්‍යාල බිහි කිරීම සහ පවතින අඩු පාඩු විසඳීම විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ කාර්යයක්. නව පාඨාමාලා සදහා සිසුන් යොමු කිරීමේ මාර්ගෝපදේශනයට බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව වැනි පරිශ්‍ර  යොදා ගන්න අධ්‍යාපන අමාත්‍යාංශයට පුළුවන්. කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ නීතිවේදී පාඨමාලාව හදාරන සිසුන්ට නීති විද්‍යාලය පනවා ඇති ඇතැම් රෙගුලාසි ඉවත් කරන්න. විශ්ව විද්‍යාලය ප්‍රතිපාදන කොමිෂන් සභාව විශ්ව විද්‍යාල පරිපාලනයට සීමා නොවී සමස්ත අධ්‍යාපන ක්‍රියාවලියට වගකියන සහ සොයා බලන ආයතනය බවට පත් විය යුතුයි. විශ්ව විද්‍යාල සදහා වෙන් කරන ප්‍රතිපාදන විශාල ගොඩනැගිලි ඉදිකිරීමට වැය කරනු වෙනුවට අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවෙන පර්යේෂණ සහ අධ්‍යයන මෙන්ම තාක්ෂණික මෙවලම් වෙනුවෙන් වැය කරන්න.  විශ්ව විද්‍යාල සිසුන්ගේ තොරතුරු තාක්ෂණ දැනුම වර්ධනය පිණිස මෙන්ම පර්යේෂණ කිරීම සදහා අධිවේගී අන්තර්ජාල පහසුකම් පුළුල් කරන්න''

ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් සැකසීමේ අවශ්‍යතාව අවධාරණය කළ ජනාධිපති රාජපක්ෂ මැතිතුමා ඒ සඳහා අවශ්‍ය වුවහොත් ජනමත විමසුමකට හෝ යා යුතු බවත්, එවිට ආණ්ඩු හෝ ඇමතිවරු මාරු වන විට  ප්‍රතිපත්ති වෙනස් නොවනු ඇති බවත් පෙන්වා දුන්නා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu